2019-06-13 15:24:16
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 551 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අසංග පෙරේරා නියෝජනය කරන කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ 88 වන කණ්ඩායම විසින් කයිට්ස්, අරාලි තුඩුව ප්‍රදේශයේ ස්ථාපිත 17 වන ගැමුණු හේවා බලඇණියේ....
2019-06-13 15:06:53
අභාවප්‍රාප්ත ශ්‍රී ලංකා සංඥා බලකායේ (විශ්‍රාමික) මේජර් ජෙනරාල් සී.ජේ. අභයරත්න ගේ අවසන් කටයුතු පසුගිය අඟහරුවාදා (11) දින පූර්ණ යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි. එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්...
2019-06-13 13:20:52
ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දිය මහා කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය තානාපති ගරු දිරේන්ද්‍ර සින්ග් (HE Dhirendra Singh) ඉකුත් අඟහරුවාදා (13) දින මහනුවර ප්‍රදේශයේ සිදු කළ සංචාරයක් අතරතුර 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර හමුවිය.
2019-06-13 13:10:52
පුදුකුඩිඉරිප්පු, කොම්ඹවිල් ප්‍රදේශයේ ස්ථානගත 68 වන සේනාංක මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත නව ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල තැබීමේ උත්සවය ඉකුත් බදාදා (12) දින එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ආරියවංශ ගේ....
2019-06-13 13:00:52
65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පපෙරුම ගේ මඟපෙන්වීම සහ මෙහෙයවීම මත, 651 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ 11 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් වයිරවන් කෝවිල් පරිශ්‍රයේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදී. මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 16 දෙනෙකු මෙන්ම සිවිල් වැසියන් 8 දෙනෙකු සිය ශ්‍රමදායකත්වය ලබා දී තිබිණි.
2019-06-13 12:55:52
යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් හමුදා සාමාජිකයින් වෙනුවෙන් සංවිධානය කරනු ලබන යෝග පුහුණු වැඩමුළුවක් ජූනි මස 12 දින සිට 22 දින දක්වා පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ගෘහස්ථ ක්‍රීඩාගාරය තුලදී ආරම්භ කෙරිණි.
2019-06-13 12:50:52
බණ්ඩාරවෙල දිස්ත්‍රික්කයේ දියතලාව, කළුඅඹතැන්න ප්‍රදේශයේ පසුගිය සඳුදා (10) දින පස්වරු 05.30 ට පමණ ඇතිවූ ලැව්ගින්නක් පිළිබඳ සැලවූ වහාම මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු....
2019-06-12 17:15:18
ඇඹිලිපිටියේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසලේදී 7 වන වරටත් ආරම්භ කරන ලද රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණ පාඨමාලාව ඉකුත් සිකුරාදා (7) දින පැවැත්විණි. මෙම බලඝණ පාඨමාලාව ආරම්භ වූයේ....
2019-06-12 15:21:06
යුද්ධ හමුදා මූලස්ථානයේ නව අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස මේජර් ජෙනරාල් ඒ.එම්.ආර්. ධර්මසිරි ඉකුත් බදාදා (12) දින මධ්‍යහනේ ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරී අරඹනු ලැබීය. එම අවස්ථාව සඳහා අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ශාඛාව යටතේ සේවයේ නියුතු අධ්යක්ෂවරුන් සහ ඒකක අණදෙන නිලධාරීන් රැසක්ද සහභාගි වූහ. මීට ප්‍රථම, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස...
2019-06-12 14:00:17
වැටුප් හා ලේඛණ අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බ්‍රිගේඩියර් චානක වරකාගොඩ පසුගිය අඟහරුවාදා (04) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි අරඹනු ලැබීය. මීට ප්‍රථම වැටුප් හා ලේඛණ අධ්යක්ෂ ලෙස රාජකාරී කල මේජර් ජෙනරාල් එල් විජේසිංහ යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් චානක වරකාගොඩ සිය ධූරයේ රාජකාරී භාරගන්නා ලදී. ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට...