2019-06-24 10:17:37
දශක තුනකට අධික කාලයක් ජාතියට සහ ගජබා රෙජිමේන්තුවට ආදර්ශවත් සේවාවක් ලබාදෙමින් නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ නික්මයාමේ උත්සවය ඉකුත් සිකුරාදා (21) දින සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මුලස්ථානයේදී පැවැත්විණි. ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති...
2019-06-24 09:30:43
වවුනියාව දිස්ත්‍රික්කයේ මා/පරණගම විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ සිසු සිසුවියන් අත්විඳින ආර්ථික දුෂ්කරතාවයන් පිළිබඳ අවධානය යොමුකල වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ මූලිකත්වයෙන් එම සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය සඳහා බහු මාධ්‍ය ඒකකයක් (multi-media unit) ඇතුළු තොරතුරු තාක්ෂණ උපකරණ තොගයක් පසුගියදා ප්රදානය කරනු ලැබීය.
2019-06-24 09:29:21
අද (25) දින දහවල් 1.45 ට පමණ කිලිනොච්චි ප්‍රදේශයේ දී අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී අධිවේගී දුම්රියක ගැටී යුද්ධ හමුදා සාමාජිකයින් හය දෙනෙකු මියගොස් ඇත. 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ...
2019-06-24 09:19:49
අලව්ව රණවිරු ඇපරල් ඇගළුම් කර්මාන්ත ශාලා පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත මහල් පහකින් සමන්වත ගොඩනැගිල්ලක පළමු අදියර යටතේ ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ල රණවිරු ඇපරල් ඇඟළුම් කාර්මාන්ත ශාලාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් මංජුල මනතුංග ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් අඟහරුවාදා (4) දින පැවති උත්සවයකදී විවෘත කෙරිණි.
2019-06-24 09:18:40
වවුනියාව, කොක්එළිය ප්‍රදේශයේ ස්ථානගත 56 වන සේනාංකයේ 19 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින සිට සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
2019-06-24 08:33:42
බූවැලිකඩ සංඥා පුහුණු පාසලේ සේවය කරනු ලබන කුසලතාවයන්ගෙන් පරිපූර්ණ කලාකාරිණියක වන කෝප්රල් බී.ඒ.එන්.යු බමුණුසිංහ ගේ තෙලිතුඩින් ඔපවත් කරන ලද යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සිතුවමක්, යුද්ධ හමුදාධිපතිතුමන් හමු වී භාරදීමේ අවස්ථාවක් පසුගියදා යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
2019-06-24 08:15:21
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංක බලප්‍රදේශයේ සේවයේ නියුතු ග්‍රාම නිලධාරීන් (ග්‍රාමීය රාජ්‍ය නිලධාරීන්) ඉකුත් සෙනසුරාදා (22) දින 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම සමඟ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව සාකච්ඡාවක නියැළිනි. මෙම සුහද සාකච්ඡාව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරී නිවස්නයේ දී පැවැත්විණි.
2019-06-24 08:00:02
අක්කරායන්කුලම් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් තුළ ජුනි 18 වන දින රාත්‍රී 8.00 ට පමණ හදිසියේ ඇතිවු ගින්නක් පිළිබඳ සැලවු වහාම කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිතව ඇති 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුමගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ 20 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.
2019-06-22 17:43:42
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ ව්‍යාපෘතිය යටතේ විල්පත්තු ජාතික වනෝද්‍යානය නැවත රෝපණය කිරීමේ වැඩසටහනට සමගාමීව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින සිනාත් නගර් ප්‍රදේශයේ රුක් රෝපණ වැඩසටහනක් දියත් කරන ලදී.
2019-06-22 12:03:09
මුලන්කාවිල් ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පිහිටි ‘ශාන්ත මරියා’ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පසුගිය ඉරිදා (16) දින පැවැත්වූ අතර එම අවස්ථාවට සහභාගි වූ බැතිමතුන්ගේ ආරක්ෂාව සහ පානීය ජල අවශ්‍යතාවයන් සැපයීමට 651 වන බලසේනාව යටතේ ස්ථාපිත 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුව විසින් කටයුතු කරන ලදී. ඒ අනුව, යුද්ධ හමුදා සාමාජිකයින් බැතිමතුන්ගේ පානීය ජල අවශ්‍යතා සපුරාලමින් ජලය පිරවූ විශාල ප්‍රමාණයේ ප්ලාස්ටික් ජල ටැංකි දේවස්ථාන පරිශ්‍රයේ ස්ථානගත කර තිබිණි.