2019-07-01 14:17:08
මූතූර් පිහිටි 224 වන බලසේනා මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සෙසුනිල භෝජනාගාරය පසුගියදා 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නෙවිල් වීරසුරිය ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී විවෘත කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි....
2019-07-01 14:15:08
වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලුණුගල ප්‍රදේශයේ ජූනි මස 30 වන දින හදිසියේ ඇතිවූ ලැව් ගින්නක් මැඩපැවැත්වීමට මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් සහයෝගය දැක්විය. මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ උපදෙස් මත යුහුසුළුව ක්‍රියාත්මක වූ නිලධාරීයෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින්...
2019-07-01 13:15:08
නව මාසයක් ආරම්භවීම සනිටුහන් කරමින් අද (1) දින උදෑසන ගාලු මුවදොර පිටියේදී සම්ප්‍රදායානූකුලව ජාතික ධජය එසවීම සිදු කෙරිණි. විශේෂ සරඹ ක්‍රියා පටිපාටියකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින් තිදෙනෙකු විසින් තම මාතෘ භූමියට ගෞරවයක් එක්කරමින් මෙහිදී ජාතික ධජය ඔසවනු ලැබීය.
2019-06-30 22:42:55
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ සංකල්පයක් මත නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සොල්දාදුවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් ඉකුත් අඟහරුවාදා (25) දින තවත් බහුකාර්ය අධ්‍යාපනික හා....
2019-06-30 22:41:55
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 551 බලසේනා මූලස්ථානයේදී ජුනි මස 27 වන දින ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ හරවත් දේශනයක් පවත්වන ලදී.
2019-06-30 22:40:55
කුන්ඩසාලේ ප්‍රදේශයේ සිවිල් වැසියන්ට විනෝදාස්වාදය ලබාදීම අරමුණින් ශ්‍රී ලංකා හමුදාව විසින් සංවිධානය කරන ලද දැවැන්ත සංගීත ප්‍රසංගයක් එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක විද්‍යාල පරිශ්‍රයේ දී ජූනි මස 21 වන දින පැවැත්විණි.
2019-06-30 10:46:23
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ 10 වන සංවත්සරයට සමගාමීව සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනා පවත්වා පසුදින මහා සංඝරත්නය විෂයෙහිලා දානය පිළිගැන්වීම ඇතුළු ආගමික වැඩසටහන් මාලාවක් ඉකුත් බදාදා (26) දින ආරම්භ කෙරිණි.
2019-06-29 19:24:48
හේමාස් සමූහය ව්‍යාපාරයේ සමාජ වගකීම් ව්‍යාපෘතිය යටතේ සපයන ලද මූල්‍යමය ආධාර යොදාගනීමින් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ඉංජිනේරු භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් නව පෙර පාසලක් ඉදිකරන ලදී. හේමාස් සමුහ ව්‍යාපාරයේ විධායක කළමණාකාර ශිරෝමී මාසකෝරාළ මහත්මිය සහ මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ මූලිකත්වයෙන් ...
2019-06-29 18:24:48
සිවිල් සේවක මහතුන්ගේ ශ්‍රමය, ආකල්ප, ප්රවේශයන් සහ ධනාත්මක චින්තනය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් රාජකාරි සඳහා වූ ඔවුන්ගේ කැපවීම ප්‍රබෝධමත් කරමින් වෘත්තීය ඵලදායිතාව සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඉකුත් අඟහරුවාදා (25) දින මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් 180 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
2019-06-29 18:23:17
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංක මූලස්ථානය විසින් මෑත ඉතිහාසයේ ප්‍රථමවරට සංවිධානය කරන ලද දැවැන්ත සංගීත ප්‍රසංගය ඉකුත් සෙනසුරාදා (22) දින සන්ධ්‍යාවේ ආරම්භ කල අතර පදවිය, පරාක්රමපුර, ශ්‍රී පුර, වැලිඔය සහ තදාසන්න ප්‍රදේශවල සිවිල් වැසියන් විශාල පිරිසක් විනෝදාස්වාදයට පත් කරමින් සංගීත ප්‍රසංගය ඉරිදා (23) දින පහන් වනතුරු පැවැත්විණි.