2019-07-12 22:45:05
නව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින බූඔය පිහිටි ඉංජිනේරු බලසේනාවේ සංචාරයක නිරතවූ අතර එහිදි ඉංජිනේරු බලසේනාවේ බලසේනාධපිති බ්‍රිගේඩියර් ඒ.එන්. අමරසේකර විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
2019-07-12 22:30:05
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 56 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයන් වවුනියාව වෙළඳ සංගමය සහ වවුනියාව මුස්ලිම් ප්‍රජාව සමඟ එක්ව ඉකුත් සෙනසුරාදා (06) දින සන්ධ්‍යාවේ දැවැන්ත සංගීත ප්‍රසංගයක් සංවිධානය කරන ලදී. එම්. ශිවකුමාර් ප්රමුඛ ‘අග්නි’ දමිළ සංගීත කණ්ඩායමත් සමඟ නවගම්පුර ගනේෂ්, නිලුක්ෂි ජයවීරසිංහම්, ජෝර්ජ් ස්ටැන්ලි, මොහොමඩ් වෆා, රෝයි ජැක්සන්, සමීර හසන්, ඉමාලි පතිරණ, මරියා විජයලක්ෂ්මි ඇතුළු ජනප්‍රිය කලාකරුවන් රැසක් පැමිණ සිටි දහස්ගණනක් සිවිල් වැසියන් විනෝදස්වාදයට පත් කළහ.
2019-07-12 22:15:05
ඇඹිලිපිටිය ප්‍රදේශයේ ස්ථාපිත ගුවන් සංක්‍රමණික බලසේනාවේ 20 වන බලසේනාධිපති ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවේ කර්නල් ඩි.එන්.ජේ. ප්‍රනාන්දු ඉකුත් සිකුරාදා (12) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරී ආරම්භ කරන ලදී.
2019-07-12 21:53:05
24 වන සේනාංක මූලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ඒ.අයි. මාරසිංහ ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින අම්පාර, මල්වත්ත ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංක මූලස්ථානයේදීය රාජකාරී ආරම්භ කරන ලදී.
2019-07-12 20:53:05
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ට උපකාර කිරීමේ අරමුණින් පසුගිය අඟහරුවාදා (9) දින ඔඩ්ඩුසුඩාන්, සින්න සලම්බන් ඊෂ්වරන් විද්‍යාලයේ..
2019-07-12 20:40:03
අම්පාර ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරී කළ මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ පසුගිය සඳුදා (8) දින සිය ධූරයෙන් නික්ම බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ ආඥාපති ලෙස රාජකාරී භාරගන්නා ලදි. එතුමන්ගේ නික්ම යෑමෙන් අනතුරුව 24 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඒ.අයි මාරසිංහ සිය ධූරයට පත්විය.
2019-07-12 20:36:39
නව යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු ලෙස මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර පසුගිය බ්‍රහස්පතින්දා (11) දින මත්තේගොඩ පිහිටි යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මූලස්ථානයේ පැවති සරල උත්සවයකදී රාජකාරි අරඹන ලදී. ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මූලස්ථානය වෙත සපැමිණි නව ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු තුමන්ට ප්‍රධාන...
2019-07-12 20:33:13
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 සහ 652 වන බලසේනා බලප්‍රදේශයන්හි ස්ථාපිත 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජමේන්තුවේ සහ 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස්, 65 වන සේනාංකයේ සේනාංකාධිපති...
2019-07-12 20:24:09
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා අන්තර් ඒකක සරඹ තරඟාවලිය ඉකුත් අඟහරුවාදා (09) දින ගිරිතලේ, යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසල් ක්‍රීඩාංගණයේ දී පැවැති අතර 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කණ්ඩායම තරඟාවලියේ හොඳම ඛණ්ඩය ලෙස ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට සමත්විය.
2019-07-11 11:43:11
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ පසුගිය බදාදා (10) දින විධිමත් උත්සවයකදි සිය ධූරයේ රාජකාරි අරඹන ලදී. පනාගොඩ පිහිටි බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් වෙත හමුදා සම්ප්රදායනුකූල...