2019-08-05 19:03:43
මෑතකදි රාජකාරි භාරගනු ලැබු යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ඉකුත් සඳුදා (05) දින 55 වන සේනාංක මුලස්ථානයේ සංචාරයක නිරත විය.
2019-08-05 19:02:39
දෙවන ලෝක යුද සංග්‍රාමයේ දී දිවිපිදු රණවිරුවන් සිහිපත් කිරීමේ අරමුණින් හිටපු හමුදා සාමාජිකයින් විසින් පොළොන්නරුව, ගල්කොරිය ප්‍රදේශයේ ඉදිකරන ලද විශේෂ රණවිරු සැමරුම් ස්මාරකය ඉකුත් සෙනසුරාදා (3) දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් නිරාවරණය කරන ලදී.
2019-08-04 22:43:33
ලංකා බැංකුවේ කිලිනොච්චි ශාඛාවේ මුලිකත්වයෙන් කිලිනොච්චි රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (01) දින පවත්වනු ලැබූ...
2019-08-04 22:42:06
වර්ෂ 1996 ජූලි මස මුලතිව් සටනේ දී දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කිරීමේ විශේෂ සැමරුම් උත්සවයක් පසුගියදා 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.එච්.පී.පී. ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. වර්ෂ 1996 ජූලි මස 17 සහ 18 දිනයන්හි එල්ටීටීඊ ත්රස්තවාදීන් ආරක්ෂක වළල්ලට ඇතුළු වී එල්ල කළ ප්‍රහාරයෙන් නිර්භීත නිලධාරීන් 44...
2019-08-04 22:40:21
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන විහාර පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද ස්තූපයේ පූජනීය ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමේ විශේෂ ආගමික උත්සවයක් ඉකුත් බ්‍රහස්පතින්දා (01) දින පැවැත්විණි. මෙම ස්තූපය ත්‍රිකුණාමලය රංගිරි උල්පත් විහාරස්ථානයේ ප්‍රධාන සංඝනායක අහුන්ගල්ලේ සිරිවිශූද්ධි හිමි,
2019-08-04 22:38:05
21 වන සේනාංක බලප්‍රදේශයේ යුද්ධ හමුදා පවුල්වල කාන්තාවන් සහ කාන්තා සෙබළියන් මෙන්ම අනුරාධපුරයේ පදිංචි සිවිල් වැසියන්ට ‘රූපලාවණ්‍ය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගිය ජූලි මස 28 දින පවත්වන ලදී. මෙම වැඩමුළුවට අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙමින් ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනියක වන සුරංගි කොඩිතුවක්කු මහත්මිය විසින් දේශන පවත්වනු ලැබීය.
2019-08-04 22:35:08
යාපනය, නල්ලුර් පිහිටි ට්‍රිලියම් පෙර පාසලේ සිසුන් 34 දෙනෙකු ගුරුවරුන් සහ දෙමාපියන් සමඟින් ඉකුත් සිකුරාදා (02) දින පලාලි ගුවන් තොටුපලේ සංචාරයක නිරත වූ අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සපයනු ලැබීය. මූලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින්...
2019-08-04 22:20:40
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ඉකුත් සිකුරාදා (02) දින උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙසේ සංචාරයක නිරතවු අතර එහිදි, උතුරු නඩත්තු පෙදෙසෙ හි කාර්යභාරය සහ වගකීම් පිළිබඳව එතුමන් දැනුවත් විය.
2019-08-04 22:17:21
සුහදත්වය සහ අවබෝධය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 652 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් පසුගියදා ආරෝග්‍යාපුරම් ප්‍රාථමික විද්‍යාලය සහ ඒ අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනකට සහභාගී වූහ.
2019-08-03 15:44:35
බස්නාහිර පළාතේ පිහිටි 14 වන සේනාංකයට අයත් 141 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් දියත් කරනු ලබන ප්‍රජා ව්යාපෘතින්වලින් තවත් එක් ව්‍යාපෘතියක් ලෙස, ඉකුත් සඳුදා (09) දින කැළණිය, උඩුපිල පිහිටි YMBA විසින් පාලනය කරන වැඩිහිටි නිවාසය වෙත පැමිණ...