2019-08-23 12:03:30
‘ගජබා සුපර්ක්‍රොස් - 2019’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවලිය, ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය (SLADA) සමඟ එක්ව 2019 සැප්තැම්බර් මස 01 වන දින අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථාන ධාවන පථයේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.
2019-08-23 11:03:30
ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ, හිටපු ක්‍රිකටි ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් මෙන්ම ‘ජාතික උරුමයන් සුරකීමේ මහා සම්මේලනයේ’ අනුර එළියපුර යන මහත්වරුන්ගේ සහාය ඇතිව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධනගේ මඟපෙන්වීම යටතේ...
2019-08-23 10:03:30
නව පාබල අධ්යක්ෂ ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක සිකුරාදා (23) දින කොළඹ 04 හි පිහිටි පාබල අධ්යක්ෂ ජෙනරාල් කාර්යාලයේ පැවැති කෙටි උත්සවයකදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී. නව පාබල අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක...
2019-08-22 13:02:23
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවේ වසර 35 කට අධික සේවා කාලයක් සම්පුර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් ප්‍රධාන පෙලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන වෙත හමුදා...
2019-08-22 12:02:23
නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ සාමාජිකයින් වෙනුවෙන් ‘මානසික ආතතිය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත් බදාදා (21) දින නෙළුම්පියස ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2019-08-22 11:02:23
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (22) දින පලාලි ගුවන් තොටුපලේ සංචාරයක නිරත වූ තවත් පෙර පාසල් ළමුන් කණ්ඩායමකට අවශ්‍ය පහසුකම් ලබාදුන්හ. අලවෙඩ්ඩි ප්‍රදේශයේ කුඹලාවලෙයි පුද්ගලික පෙර පාසලේ සිසුන් 20 දෙනෙකු සිය ගුරුවරුන් හා දෙමාපියන් සමඟ පාලාලි ගුවන්තොටුපලේ සංචාරයක නිරතවෙමින් ගුවන් තොටුපල පිළිබඳ අත්දැකීම් ලබාගැනීමට සමත් වූහ.
2019-08-22 10:02:23
611 වන බලසේනාවේ භටපිරිස් ‘බෞද්ධයා’ රූපවාහිනී නාලිකාවේ අනුග්‍රාහකත්වය ඇතිව වවුනියාව, සුන්දරපුරම් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් තුනක් සඳහා නව සනීපාරක්ෂක ඒකක තුනක් (toilets) ඉදිකර දෙන ලදී.
2019-08-21 19:05:50
සිය ධූරයෙන් නික්මයන යුද්ධ හමුදාධිපති ජෙනරාල් මහේෂ් සේනානායක අඟහරුවාදා (20) දින මධ්‍යහනේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හමුවී සුහද සාකච්ඡාවක නිරතවිය.
2019-08-20 18:56:06
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2019 අගෝස්තු මස 18 වන දින සිට බලපැවැත්වෙන පරිදි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කර 23 වන යුද්ධ හමුදාධිපති ලෙස පත්කර ඇත.
2019-08-20 17:10:50
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අද (19) දින උදෑසන 23 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කර ඇති අතර එම තනතුරට අදාළ පත්වීම් ලිපිය ජනාධිපතිතුමන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් භාරදෙන ලදි.