Header

Sri Lanka Army

Defender of the Nation

පුවත් විශේෂාංග

  • 593 වන බලසේනාවට වසර 10 ක් සපිරේ

    2019-02-21 13:50:18

    593 වන බලසේනාවට වසර 10 ක් සපිරේ

    මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් නයාරු ප්රදේශයේ ස්ථානගත 593 වන බලසේනා මූලස්ථානයේ අභිමානවත් 10 වන සංවත්සරය සිකුරාදා (15) දින ආගමික වතාවත් මධ්යයේ හමුදා සම්ප්රදායානුකූලව සමරන ලදී.

  • මියගිය විශ්‍රාමික බ්‍රිගේඩියර් ඇඹව යුධ විරයා හට යුද්ධ හමුදා ගෞරව

    2019-02-20 18:40:24

    මියගිය විශ්‍රාමික බ්‍රිගේඩියර් ඇඹව යුධ විරයා හට යුද්ධ හමුදා ගෞරව

    මව්බිමේ භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව කළ සටනේදී 1994 වර්ෂයේ තම දෙපා හා දෑත් අහිමි කරගත් වත්මන් යුධ ඉතිහාසයේ විරයෙකු වූ ශ්‍රි ලංකා පාබල හමුදාවේ මියගිය බ්‍රිගේඩියර් සරත් ඇඹව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී (විශ්‍රාමික) ගේ අවසන් කටයුතු අතිවිශාල සංඛ්‍යාවක් යුද්ධ හමුදා නිළධාරීන්, භටපිරිස් සහ ශෝකවන්නන්ගේ සහභාගීත්වයෙන් පූර්ණ හමුදා ගෞරව සහිතව බදාදා (20) දින කුරුණෑගල, මල්කඩුවාව පොදු සුසාන භූමියේදී සිදුකෙරිනි.

  • විශ්‍රාමික බ්‍රිගේඩියර් සරත් ඇඹව අභාවප්‍රාප්ත වෙයි

    2019-02-19 15:17:51

    විශ්‍රාමික බ්‍රිගේඩියර් සරත් ඇඹව අභාවප්‍රාප්ත වෙයි

    ශ්‍රි ලංකා යුද්ධ හමුදා පාබල හමුදා රෙජිමේන්තුවේ විශ්‍රාමික බ්‍රිගේඩියර් කේ.ජි.එච් සරත් කේ ඇඹව රෝගාතුරුව රාගම ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සදුදා ( 18 ) දින මෙලොවින් සමුගත්හ. මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ දේහය කුරුණෑගල අංක 266/6, ප්‍රාදේශිය ලේකම් මාවත, නුවර පාර, මල්ලවපිටිය යන ලිපිනයේ සඳහන් නිවසෙහි තැම්පත් කර ඇත. එතුමන් එල්ටීටී ත්‍රස්තවාදි සමයේදී තුවාල ලබා රෝද පුටුවක් මත දිවිගෙවූ වීර පුත්‍රයෙකි. ඔහුගේ අවමංගල්‍ය උත්සවය බදාදා (20) දින මල්ලවපිටිය පොදු සුසාන භූමියේදී සවස 3.00 ට සිදු කෙරේ.

  • බටහිර ආඥාපති වෙතින් ලින්ඩ්සේ ශිෂ්‍ය නායිකාවෝ නිල ලාංඡන ලබා ගනිති

    2019-02-19 10:17:51

    බටහිර ආඥාපති වෙතින් ලින්ඩ්සේ ශිෂ්‍ය නායිකාවෝ නිල ලාංඡන ලබා ගනිති

    බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මෙන්ම ශ්‍රි ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බළකායේ රෙජිමේන්තු අධිපති වන මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ පසුගිය සදුඳා ( 18 ) දින බම්බලපිටිය ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය නායිකාවන් වෙත නිල ලාංඡන පැලදවිමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

  • ජෙනරාල් ශ්‍රි ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මළල ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වේ

    2019-02-19 08:17:51

    ජෙනරාල් ශ්‍රි ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මළල ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වේ

    ජෙනරාල් ශ්‍රි ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති (ආරක්‍ෂක හා පරිපාලන) මේජර් ජෙනරාල් ඉදුනිල් රණසිංහ සිකුරාදා ( 8 ) දින මාතර ශාන්ත මරියා කන්‍යාරාමයෙහි පැවති අන්තර් පාසල් මළල ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

  • යාපනයේ පාසල් සිසුන් වෙත නොමිලේ පාපැදි බෙදාදෙයි

    2019-02-18 18:20:13

    යාපනයේ පාසල් සිසුන් වෙත නොමිලේ පාපැදි බෙදාදෙයි

    යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සහයෝගය ඇතිව එම ප්‍රදේශයේ සිසුන් දිරිගැන්වීමේ අරමුණින් කන්කසන්තුරේ නඩේෂ්වරා විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පාපැදි 12 ක් බෙදාදීමේ උත්සවයක් නඩේෂ්වරා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ (කැනඩා ශාඛා) අනුග්‍රහකත්වයෙන් සිකුරාදා (15) දින කෙටි උත්සවයකින් බෙදාදෙන ලදි.

  • පවුල් 150 ක ජිවනෝපාය සහ සිසුන් 100 දෙනෙකුගේ අධ්‍යාපනය වෙනුවෙන් දිරි දීමනා

    2019-02-18 17:35:03

    පවුල් 150 ක ජිවනෝපාය සහ සිසුන් 100 දෙනෙකුගේ අධ්‍යාපනය වෙනුවෙන් දිරි දීමනා

    රෝයල් එන්ෆීල්ඩ් යතුරුපැදිකරුවන්ගේ සමාජයේ (Royal Enfield Riders’ Club) අනුග්‍රය මත 23 වන සේනාංකයට අයත් 233 බලසේනාව විසින් වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය අවට පිහිටි තික්කන්, පුදූර්, අම්මන්දනවේලි, කන්දලාඩි සහ ඕමදියාමඩු යන ප්‍රදේශයන්හි අඩු ආදායම්ලාභි පවුල් 150 ක් හා ආර්ථික අපහසුතා සහිත සිසුන් 100 දෙනෙකු සඳහා පරිත්‍යාග බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (16) දින කදිරවේලි විග්නේෂ්වර විද්‍යාලයේදී පවත්වන ලදි.

  • යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සිය 12 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

    2019-02-17 18:33:29

    යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සිය 12 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

    යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සිය අභිමානවත් 12 වන සංවත්සරයට සමගාමීව රෙජිමේන්තු අධිපති බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ගේ මඟපෙන්වීම යටතේ සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එස්.ජේ ප්‍රියදර්ශනගේ සමීප අධීක්ෂණය යටතේ කතරගම කිරි වෙහෙර, කතරගම දේවාලය, ජය ශ්‍රී මහා බෝධිය, ශ්‍රී දළදා මාලිගාව, වහකෝට්ටේ රෝමානු කතෝලික දේවස්ථානය, ගලේවෙල හින්දු කෝවිල සහ පුවක්පිටිය මුස්ලිම් පල්ලිය යන ආගමික සිද්ධස්ථානයන්හි පවත්වන ලද ආගමික වතාවත් ඇතුළුව උත්සව මාලාවක් පවත්වමින් සෙනසුරාදා (16) දින සමරන ලදී.

  • අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ශාඛාව යටතේ ඇති අධ්‍යක්‍ෂ මණ්ඩලයන්හි අධ්‍යක්‍ෂකවරු හමුවෙයි.

    2019-02-17 18:26:56

    අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ශාඛාව යටතේ ඇති අධ්‍යක්‍ෂ මණ්ඩලයන්හි අධ්‍යක්‍ෂකවරු හමුවෙයි.

    අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මණ්ඩලික ශාඛාව යටතේ රාජකාරියේ නියුතු සියළු අධ්‍යක්‍ෂවරුන්, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ අතර පැවති හමුවක්, ඉකුත් සිකුරාදා (15) දින, ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

  • 58 වන සේනාංක මූලස්ථානයේ නවතමයෙන් ඉදිකල සම්මන්ත්‍රණ ශාලාව විවෘත කෙරේ

    2019-02-17 18:22:23

    58 වන සේනාංක මූලස්ථානයේ නවතමයෙන් ඉදිකල සම්මන්ත්‍රණ ශාලාව විවෘත කෙරේ

    58 වන සේනාංක මූලස්ථානයේ නවතමයෙන් ඉදිකල සම්මන්ත්‍රණ ශාලාව, 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා ගේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ විසින් අඟහරුවාදා (12) දින පැවති කෙටි උත්සවයකදී විවෘත කරන ලදී.