2019-08-11 18:43:48
පරිසර හිතකාමී නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 24 වන සේනාංකය යටතේ ස්ථාපිත 241 බලසේනාව විසින් විසින් වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් ඉකුත් බදාදා (7) දින අක්කරෙයිපත්තු සින්නමුහුදුවරන් වෙරළබඩ ප්‍රදේශයේදී දියත් කරන ලදී. එහිදී ඉවත දමන ලද හිස් බියර් කෑන් සහ පොලිතින් වැනි අපද්‍රව්‍ය වෙරළ තීරයෙන් ඉවත් කරන ලදී.
2019-08-11 18:42:10
කිළිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකය යටතේ ඇති 651 සහ 652 යන බලසේනාවන් හි යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෙම ශ්‍රමදාන වැඩසටහන ඉකුත් අගෝස්තු මස 5 සිට 7 දින දක්වා කාල සීමාව තුළ ප්‍රදේශය තුළ ඇති හමුදා සහ සිවිල් අන්තර් සම්බන්ධතා ව්‍යාපෘතින් සවිබල ගැන්වීම සඳහා සංවිධානය කරන ලදි.
2019-08-11 18:40:02
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ සේවයේ නියුතු නිලධාරීන් 03 දෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 85 දෙනෙකු ඉකුත් අඟහරුවාදා (31) දින කුච්චවේලී හි පිහිටි සමුද්‍රගිරි පිච්චමල් විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලබන දාගැබෙහි ඉදිකිරීම් කටයුතු සඳහා සහය වීම වෙනුවෙන් ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරනු ලැබීය.
2019-08-09 17:02:01
යාපනය, අරාලි තුඩුවේ දී දැයෙන් සමුගත් නූතන ඉතිහාසයේ අසහාය විරුවෙකු වූ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු අනෙකුත් විරෝදාර රණවිරුවන්ගේ 27 වන ගුණානුස්මරණ උත්සවය ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින අනුරාධපුර නගරයේ දී පැවැති අතර ඒ සඳහා දිවංගත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගේ ප්‍රිය බිරිඳ ලලී කොබ්බෑකඩුව...
2019-08-09 16:50:16
එළඹෙන ‘විජයබාහු සුපර් ක්‍රොස් - 2019’ තරඟාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් විශේෂ මාධ්‍ය හමුවක් විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඩී.එම්.ඩී.සී.ඩී. ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා (9) දින පස්වරුවේ කොළඹ ගලධාරි හෝටලයේදී පැවැත්විණි.
2019-08-09 15:30:16
යුරෝපා සංගමයේ ප්රජාතන්ත්රවාදී මැතිවරණ අංශයේ ප්‍රතිපත්ති නිලධාරි රිකාඩෝ චෙලරි (Riccardo Chelleri) මහතා ඇතුළු එම සංගමයේ නියෝජිත කණ්ඩායමක් ඉකුත් සිකුරාදා (9) දින උතුරු පළාතේ සංචාරයක නිරත වූ අතර එම සංචාරය අතරතුරදී යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙත පැමිණියහ.
2019-08-09 15:25:16
යුද්ධ හමුදාවේ 56 වන සේනාංකය විසින් සිදුකරන ලද සම්බන්ධීකරණයෙන් පසුව ඉකුත් ඉරිදා (4) දින මැලිබන් බිස්කට් නිෂ්පාදන පුද්ගලික සමාගම විසින් යුද්ධ හමුදාවේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ගස් සිටුවීමේ ක්‍රියාන්විතය අගය කරමින් පොල් පැළ 1000 කට අධික ප්‍රමාණයක් වවුනියා සහ කොක්එලිය ප්‍රදේශවල....
2019-08-09 15:20:16
21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා ජයපතිරණගේ උපදෙස් පරිදි වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ 21 වන සේනාංක මූලස්ථානයෙහි නිලධාරින් සහ සෙසු නිලයින් පිරිසක් ඉකුත් ඉරිදා (4) දින අනුරාධපුර ‘අභිමංසල - 1’ හි ප්‍රථිකාර....
2019-08-09 15:05:16
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සේවය කරනු ලබන මාණ්ඩලික නිලධාරි 3 ලෙස සේවය කරනු ලබන නිලධාරීන් වෙනුවෙන් ‘මාණ්ඩලික රාජකාරි’ පිළිබඳ දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුවක් අරසපුරකුලම් බලඇණී පුහුණු පාසලේදී අගෝස්තු මස 5 සිට 7 දින දක්වා 66 වන සේනාංකයේ සේනාංකාධිපති....
2019-08-09 15:01:16
කිළිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් අඩු ආදායම්ලාභි පවුල් සඳහා ස්වයං රැකියා ව්‍යාපෘතියක් ලෙස මී මැසි පාලනය හදුන්වාදීමේ සමාරම්භක උත්සවයක් ඉකුත් සිකුරාදා (2) දින කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.