2019-09-21 10:50:03
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු නිලධාරී ලෙස මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර මීට සති කිහිපයකට පෙර එම ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව ඉංජිනේරු බලසේනා මූලස්ථානයේ සහ 8, 9 හා 10 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවන්හි විධිමත් සංචාරක නිරතවිය.
2019-09-21 09:50:03
කොහුවල විට්ලීෆ් රංග කලා අධ්‍යයන ආයතනයේ (Whyteleaf Performing Arts Academy) අධ්‍යාපනය හදාරණ ළමුන් පිරිසක් ඉකුත් බදාදා (18) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී මේ වනවිට දියත් කර ඇති පරිසරයේ තිරසාරභාවය සඳහා සුවිශේෂී ව්‍යාපෘතියක් වන ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතිය සඳහා රුපියල්...
2019-09-20 21:57:11
බලධාරීන්ගේ ඉල්ලීමකට දැක්වූ ප්‍රතිචාරයක් ලෙස මීගොඩ පළාත් ආයුර්වේද රෝහලට යාබදව පිහිටි ආක්‍රමණශීලි පැලෑටි සහ වල් පැලෑටිවලින් වැසී ගොස් තිබු මීගොඩ ‘ඔසු උයන’ බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් 2 ක් සහ සෙසුනිලයින් 60 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින පිරිසිදු කරන ලදී.
2019-09-20 13:54:34
581 බලසේනාවේ මූලස්ථානය සහ සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය එක්ව නාරිගම, හික්කඩුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය. මෙම සමාජ සත්කාරය යුද්ධ හමුදා සාමාජිකයින් 125 කට වැඩිපිරිසක්, හෝටල් සේවකයින් 30 ක්, හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවකයින් 68 ක්, පොලිස් නිලධාරීන් 8 ක් සහ ස්වේච්ඡා කණ්ඩායම් පිරිසක්...
2019-09-20 13:24:38
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරනු ලබන සිවිල්-හමුදා සුභසාධන ව්‍යාපෘතින් හි තවත් එක් වැඩසටහනක් ලෙස විශේෂ අක්ෂි සායනයක් ඉකුත් සිකුරාදා (13) දින වන්නි ප්‍රදේශයේ පිහිටි 56 වන සේනාංක මූලස්ථානයේ දී පැවැති අතර එහිදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිවිල් වැසියන් 300 කට අධික පිරිසක් සහභාගී වූහ.
2019-09-20 11:33:09
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පවත්වනු ලබන ‘කියෝෂිරියු බුඩෝ (Kiyoshiru Budo)’ ආත්මාරක්ෂක සටන් කලා පුහුණු වැඩසටහනනේ දෙවන අධියර හදාරන පුහුණුලාභීන් 800 කට අධික පිරිසක් ඉකුත් සෙනසුරාදා (14) දින අනුරාධපුර ‘සඳහිරු සෑය’ (ස්ථූපය) ඉහළට ගඩොල් රැගෙන යාම සඳහා සිය සහයෝගය ලබා දුන්හ.
2019-09-20 11:15:09
දඹූල්ල, ඉනාමළුව ප්‍රදේශයේ ස්ථාපිත 53 වන සේනාංකයේ 25 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් පී.ජේ. ගමගේ ඉකුත් සඳුදා (16) දින එම සේනාංක මූලස්ථානයේ පැවැති සරල උත්සවයකදී රාජකාරී ආරම්භ කරන ලදී. සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත එම සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල...
2019-09-20 11:00:09
දියතලාව, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කුරු පුහුණු පාසල වෙතින් ඉදිරිපත් කල සැඟවුණු සංග්‍රාමික යුද භටයින් හා සැඟවුණු වෙඩික්කරුවන්, අවි සමඟ සිටින විශේෂ බලකායේ ධාවනපැදිකරුවන් දෙදෙනෙකු සහ ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව විසින් ඉදිරිපත් කල 76 පවුන්ඩර් කාලතුවක්කු වෙඩිමුර සංදර්ශනය සැප්තැම්බර් මස 5 සහ 6 දෙදින පූරා කඩුගන්නාව සුනිල් එස්. අබේසුන්දර ක්‍රීඩාංගනයේ දී පැවැති යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ‘දියවරක අස්වැන්න’ සංස්කෘතික ප්‍රදර්ශනය වර්ණවත් කරන ලදී.
2019-09-19 15:48:29
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකය යටතේ ඇති 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ ඉල්ලීම පරිදි කොළඹ 3 පිහිටි ශ්‍රී ලංකා ‘සත්‍ය සායි’ ජාත්‍යන්තර සංවිධානය අනුග්‍රහය ඇතිව 400 කට අධික සිවිල් වැසියන්ගේ සහ ප්‍රදේශයේ සේවය කරන භටයින්ගේ ප්‍රයෝජනය සඳහා සමලන්කුලම් ග්‍රාම සේවා කොට්ඨාශයේ පන්නෙයිනින්දම් ගම්මානයේ නවතමයෙන් ජල පවිත්රකාර ඒකකයක් ස්ථාපනය කරනු ලැබීය.
2019-09-19 14:22:01
ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර සිය 25 වන සංවත්සරය ඉකුත් සෙනසුරාදා (14) දින මින්නේරිය ප්‍රදේශයේ පිහිටි එම මූලස්ථානයේ දී හමුදා සම්ප්‍රදායානුකූලව අභිමානවත් අයුරින් සමරනු ලැබීය.