2019-10-01 19:35:47
ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකා 29 වන සංවත්සර දින සැමරුම ඉකුත් සිකුරාදා (27) දින නාරාහෙන්පිට පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
2019-10-01 19:25:47
ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අඟහරුවාදා (1) දින ඇල්ල වැල්ලවාය මාර්ගයේ 12 වන සැතපුම් කණුව අසල ගමනාගමනයට බාධා එල්ල කරමින් මාර්ගයට වැටී තිබු විශාල කළුගලක් ඉවත් කිරීමට මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සමත්විය.
2019-10-01 19:20:47
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව සෙනසුරාදා (29) දින උදෑසන වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ පළමු නිල සංචාරය සිදුකළ අතර වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදී, එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන...
2019-09-30 14:08:48
ජනාධිපති ලාංඡනයෙන් පිදුම් ලැබූ ප්‍රදේශයේ ප්‍රථම බාලදක්ෂයා වන මෑතකදී මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්යක්ෂ මෙන්ම හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු වෙත උපහාර පිදීමේ උත්සවයක් ඉකුත් සෙනසුරාදා (28) දින නිකවැරටිය...
2019-09-29 21:29:28
යාපනය ප්‍රදේශයේ පදිංචි ආබාධිත සිවිල් වැසියෙකුට රෝදපුටුවක් අවශ්‍ය බව දැනුම්දීමෙන් අනතුරුව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සම්පත් කොටුවෙගොඩ විසින් ආබාධිත සිවිල් වැසියාට නව රෝදපුටුවක් ලබාදීමට පියවර ගන්නා ලදී.
2019-09-29 19:00:14
2019-09-29 18:59:20
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික හා ශාරීරික කාර්යක්ෂමතාව සහ අධ්‍යාත්මික ආකල්ප ඉහළ නැංවීමේ අරමුණින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබු යෝගා පුහුණු වැඩමුළුවේ දෙවන අදියර මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පැවැත්විණි.
2019-09-29 18:59:14
යක්කල රණවිරු ඇපරල් ආයතනයේ සේනාවිධායක මේජර් ජෙනරාල් මංජුල මනතුංග ගේ උපදෙස් පරිදි රණවිරු ඇපරල් ආයතනයේ සේවය කරන සියළුම නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් සැප්තැම්බර් මස 20 සිට 21 දක්වා කාලය තුළ කතරගම සහ ඇඹිලිපිටිය ප්‍රදේශ ආශ්‍රීතව වාර්ෂික විනෝද චාරිකාවක නිරතවිය. රණවිරු ඇපරල් ආයතනයේ සේවකයින්...
2019-09-29 10:59:14
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සහ ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ අනුග්‍රහය ඇතිව චීනයේ සංස්කෘතික කණ්ඩායමක් විසින් චීනයේ හුබේයි සංගීත හා නර්තන ප්‍රසංගයක් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉකුත් සිකුරාදා (27) දින කිලිනොච්ච්යේදී පැවැත්වු අතර මෙම නර්තන ප්‍රසංගය දැකබලාගැනීම සඳහා...
2019-09-27 15:34:07
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව අද (25) දින උදෑසන කොළඹ පිහිටි පොලිස් මුලස්ථානය වෙත සපැමිණි අතර එහිදී වැඩබලන පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.