2019-10-28 12:50:46
සෞඛ්‍ය සම්පන්න සූපශාස්ත්‍ර පුරුදු, සෞඛ්‍ය සම්පන්නව ආහාර පිළියෙල කිරීම, ආහාර වර්ගවල ඉහළ ප්රමිතීන් සහ පෝෂණ සාධක ඇතුළු සුපශාස්ත්‍රය පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් පැවැති වැඩසටහනක් සඳහා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලු කඳවුරුවල සේවය කරන සුපවේදීන් සහ සහායකයින් 242 ක් සහභාගි වූහ.
2019-10-28 12:46:46
අසරණ පවුලක ජීවනෝපායට සහයෝගයක් දැක්වීමේ අරමුණින් දඹුල්ල, හල්මිල්ලෑව ප්‍රදේශයේ පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් අනෙකුත් පරිත්‍යාගශීලින්ගේ සහාය ඇතිව නවීකරණය කරන ලද ත්‍රිරෝද රථයක් මානුෂීය ආධාරයක් ලෙස එම අසරණ පවුල වෙත ඉකුත් සිකුරාදා (25) දින ලබාදුන්හ.
2019-10-28 12:20:46
වසර 22 ක සේවා කාලයක් සම්පුර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ අරමුණින් රණවිරු සේවා අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබු දේශනයක් ඉකුත් සිකුරාදා (25) දින දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ දී පැවැත්වූ අතර ඒ සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 88 දෙනෙකු සහභාගි වූහ.
2019-10-28 12:15:46
මුලතිව්, නන්දිකාඩාල් ප්‍රදේශයේ පිහිටි 591 වන බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල සෙසුනිල භෝජනාගාර ගොඩනැගිල්ල ඉකුත් බදාදා (23) දින 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.එච්.පී.පී. ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් පැවැති කෙටි උත්සවයකදී සෙසුනිලයින් වෙනුවෙන් විවෘත කරන ලදී.
2019-10-28 12:00:46
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිලධාරී පුහුණු දින අදියර III ට සමගාමීව විවිධ ඉදිරිපත් කිරීම්, දේශන, ශාරීරික අභ්‍යාස සහ සරඹ පිළිවෙත් පිළිබඳ පුහුණු සැසියක් ඉකුත් සිකුරාදා (25) දින දඹුලු හල්මිල්ලෑව ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි.
2019-10-27 21:42:33
දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන ‘වන රෝපා’ වැඩසටහනට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියට සමගාමීව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ මූලිකත්වයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (24) දින කඳවුරු පරිශ්‍රයේ කූඹූක් පැළ 100 ක්...
2019-10-27 21:09:18
අරිවියල් නගර් ප්‍රදේශයේ පිහිටි යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා ඉංජිනේරු පීඨයේ උපාධි අපේක්ෂකයින් කළ ඉල්ලීමකට අනුව, තෙලිප්පලයි පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා කිලිනොච්චි රුධිර බැංකුවේ නිලධාරීන්ගේ සහයෝගය ඇතිව කිලිනොච්චි ප්‍රදේශයේ සේවයේ නියුතු...
2019-10-26 09:56:53
මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයෙන් බිහිකළ ක්‍රීඩා සහ විවිධ විෂය බාහිර ක්‍රියාකාරකම් හි දක්ෂතා දැක් වූ ජයග්‍රාහිකාවන් 400 දෙනෙකු ඉකුත් සදුදා (21) දින එම පාසල් පරිශ්‍රයේදී පැවැත් වු වර්ණ රාත්‍රියෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ වත්මන් හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින්...
2019-10-26 09:50:53
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු පසුගිය දින කිහිපයේ 22 වන සේනාංකයේ සහ බලසේනා කිහිපයක සිය ප්‍රථම නිල සංචාර සිදු කළ අතර එහිදී, එතුමන් ප්‍රදේශයේ ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් සහ සියලුම ආගමික පූජකවරුන් හමූවිය.
2019-10-25 14:35:18
යුද්ධ හමුදාව විසින් මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියේ නව පියවරක් ඉදිරියට තබමින් 65 වන සේනාංකයේ භටපිරිස්හි මූලිකත්වයෙන් ඉකුත් අඟහරුවාදා (22) දින පල්ලවරයන්කඩ්ඩු, සොලයිනෙලා ගම්මානයේ පැවති කෙටි උත්සවයකදී කජු පැළ 300 ක් සිවිල් වැසියන්ට බෙදාදෙන ලදී.