2019-10-31 14:00:37
‘සියදිවි නසාගැනීම් සහ එය වැළැක්වීම’ යන මාතෘකා පිළිබඳව යුද්ධ හමුදා සාමාජිකයින් මෙන්ම සිවිල් වැසියන් දැනුවත් කිරීමේ දැවැන්ත ප්‍රජා ව්‍යාපෘතියක් ඔක්තෝබර් මස 28 සිට 30 දින දක්වා තෙදිනක් පූරා දියතලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී, බණ්ඩාරවෙල මහා නගර සභාවේදී, බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සහ දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද්ධ හමුදා විද්‍යාපීඨ ‘ටෝච්‘ සිනමා ශාලාවේදී පැවැත්විණි.
2019-10-31 13:20:37
සන්නද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් තුල ආධ්‍යාත්මික හා මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන භාවනා වැඩසටහනේ තවත් එක් අදියරක් දින දහයක් පුරාවට (ඔක්තෝබර් මස 19 සිට 30 දක්වා) කොස්ගම, ධම්ම සොබා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.
2019-10-31 13:10:37
‘දීපවාලි’ හින්දු උත්සවයට සමගාමීව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ඔක්තෝම්බර් මස 26 සහ 27 දිනයන්හි එම ප්‍රදේශයේ වැඩසටහන් කිහිපයක් පවත්වනු ලැබීය. යුද්ධ හමුදාව සහ සිවිල් වැසියන් අතර පවත්නා සංහිඳියාව ශක්තිමත් කිරීමේ අරමුණින් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා ගේ උපදෙස් මත...
2019-10-31 11:30:05
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ සවිස්තරාත්මක පුහුණු වැඩසටහනක් පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමට නයිජීරියානු යුද්ධ හමුදාවේ හය දෙනෙකුගෙන් සමන්විත ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් මේ වනවිට දින පහක සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇත.
2019-10-31 11:24:05
දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාවේ සේවය කර නුඳුරේදී විශ්‍රාම යාමට නියමිත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන මේජර් ජෙනරාල් ඩී.ඒ.ආර්. රණවක අද (29) දින පස්වරුවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවූ අතර එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරාල් ඩී.ආර්.ඒ. රණවක කරන ලද සේවය පැසසූමට...
2019-10-30 14:15:04
සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලව අංක 13 හැදෑරු විදේශීය හමුදා නිලධාරීන් කණ්ඩායමක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ ඉකුත් බදාදා (30) දින උතුරේ සංචාරයක නිරත වූහ. එම සංචාරය අතරතුර ඔවුන් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරතවිය.
2019-10-30 14:04:04
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, බ්‍රිතාන්‍ය හමුදාවේ පැවැති ‘ජාත්‍යන්තර කැම්බ්‍රියන් මුර සංචාර අභ්‍යාසයේදී’ (Exercise Cambrian Patrol) ලෝකඩ පදක්කමක් දිනාගත් යුද්ධ හමුදා විශේෂ බලකා කණ්ඩායම අද (28) දින උදෑසන...
2019-10-30 11:17:07
වැලිකන්ද ප්‍රදේශයේ ස්ථාපිත නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ 16 වන සංවත්සරය ඉකුත් බදාදා (30) දිනට යෙදී තිබු අතර එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ගේ උපදෙස් මත වැඩසටහන් මාලාවක් සංවිධානය කරමින් සංවත්සර උත්සවය අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2019-10-30 10:30:07
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ කන්කසන්තුරේ ප්‍රදේශයේ ස්ථානගත 515 වන බලසේනාවේ 31 වන බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් ඒ.එස්. වික්‍රමසේකර ඉකුත් බදාදා (30) දින සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.
2019-10-30 09:17:07
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු මාණ්ඩලික 3 වන ශ්‍රේණියට අයත් කනිස්ඨ නිලධාරීන් ‘මාණ්ඩලික රාජකාරී’ පිළිබඳ දැනුවත් කිරීමේ තෙදින වැඩමුළුවක් 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මංගල විජේසුන්දර ගේ උපදෙස් මත ඔක්තෝම්බර් මස 28 සිට 30 දින දක්වා අරසපුරකුලම් බළඇණි පුහුණු පාසලේ දී පැවැත්විණි.