2019-12-05 08:00:51
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ සංකල්පයකට අනුව ඉකුත් බදාදා (04) දින මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවැති මානව ප්‍රතිශක්තිකරණ වයිරසය හා ප්‍රතිශක්තීකරණ ඌනතාවේ සංකූලතාව (එච්අයිවී සහ ඒඩ්ස්) පිළිබඳ දැනුවත් කිරීමේ දේශනය සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 110 කට අධික පිරිසක් සහභාගි වූහ.
2019-12-04 20:48:14
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් ඉකුත් අඟහරුවාදා (3) දින යාපනය ගුරුනගර් කලපුව පිරිසිදු කිරිමේ දැවැන්ත පාරිසරික සංරක්ෂණ ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය. එම අවස්ථාව සඳහා යුද හා නාවික හමුදා සාමාජිකයින් ඇතුළු ස්වේච්ඡා සංවිධාන සාමාජිකයින් දහසකට වැඩි පිරිසකගේ දායකත්වය හිමි විය.
2019-12-04 13:56:14
කොළඹ නිදහස් චතුරස්‍ර ක්‍රීඩාංගනයේදී පැවති කනිෂ්ඨ ජාතික නෙට්බෝල් ශුරතාවලිය - 2019 සඳහා සහභාගි වු මන්නාරම් සහ කිලිනොච්චි දිස්ත්රිකයන්හි පාසල්වල කනිෂ්ඨ නෙට්බෝල් ක්‍රීඩිකාවන් ඉකුත් ඉරිදා (1) දින යුද්ධ හමුදාපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් නිරීක්ෂණ චාරිකාවක් සඳහා එක්කරගන්නා ලදී.
2019-12-04 13:55:23
222 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් සේරුනුවර ප්‍රදේශයේ දුෂ්කර පාසල් පහක සිසු සිසුවියන් 500 ක් සඳහා සේරුනුවර ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී 22 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කරනු ලැබීය.
2019-12-04 13:54:02
තත්ත්ව ආරක්ෂණ හා පිරික්සුම් අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා සංඥා බළකායේ බ්‍රිගේඩියර් දීපාල් වන්නිආරච්චි බදාදා (4) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධුරයේ රාජකාරී අරඹයි.
2019-12-04 13:53:30
මානව ප්‍රතිශක්තිකරණ වයිරසය හා ප්‍රතිශක්තීකරණ ඌනතාවේ සංකූලතාව (එච්අයිවී සහ ඒඩ්ස්) පිළිබඳ දැනුවත් කිරීමේ වැදගත් දේශනයක් දෙසැම්බර් මස 1 දිනට යෙදුණු ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ දී ඉකුත් සඳුදා (03) දින පවත්වනු ලැබීය.
2019-12-04 13:53:04
අම්පාර රෝහලේ රුධිර බැංකුවේ සීඝ්රයෙන් හිඟවෙමින් පවතින රුධිර තොග පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව නැගෙනහිර ආරක්ෂක සේනා අඥාපතිතුමන්ගේ උපදෙස් මත 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චින්තක ගමගේ ගේ අධීක්ෂණය යටතේ ඉකුත් සිකුරාදා (8) දින 24 වන සේනාංක මූලස්ථානයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය. මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන 24 වන සේනාංකයේ 6 වන සංවත්සරය වෙනුවෙන් දියත් කරන ලදී.
2019-12-04 13:52:10
යාපනය සිත්තන්කර්නී ප්‍රදේශයේ පිහිටි ‘පාර්ක් ජූහොන්‘ පෙර පාසලේ (Park - Joohon pre-school) වාර්ෂික විවිධ ප්‍රසංගය සහ ත්‍යාග ප්රදානෝත්සවය ඉකුත් සෙනසුරාදා (30) දින පැවති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය සහභාගී විය.
2019-12-04 13:51:15
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීයවාදි නීති අධ්යක්ෂ මණ්ඩලයේ 21 වන අධ්යක්ෂතුමන් ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් පී.ජේ.පී ගමගේ නොවැම්බර් මස 18 වන දින රාජකාරී ආරම්භ කරන ලදී.
2019-12-04 13:50:46
59 වන සේනාංකායේ 12 වන සංවත්සරයට සමගාමීව ඉකුත් ඉරිදා (1) දින නිල උසස්වීම් ලැබූ 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.එච්.පී.පී. ප්‍රනාන්දු වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.