2020-09-08 12:45:06
කල්මුනේ ප්‍රදේශය ආශ්රිත මුහුදේ යාත්‍රා කරමින් තිබූ බොරතෙල් ප්‍රවාහන නෞකාවක් තුළ ගින්නක් හටගැනීමෙන් එම නැව ආපදාවට ලක් වූ අතර, එම ආපදා අවස්ථාව පාදක කරගනිමින්, වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ ආරාධනාවකට අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විශේෂඥයින් කිහිපදෙනෙකු විශේෂ දැනුවත් කිරීමක් සඳහා 62 වන සේනාංකය වෙත පැමිණෙන ලදී. එසේ පැමිණි කණ්ඩායම විසින් තෙල් කාන්දු වීම, එහි පාරිසරික බලපෑම, නීතිමය වාතාවරණය, ජාතික උපාය මාර්ගයන් ඇතුළු එම විෂයානුබද්ධ වෙනත් කරුණු පිළිබඳ 62 වන සේනාංකයේ නිලධාරීන් දැනුවත් කළේය.
2020-09-08 12:40:06
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්ෂාධිපති බ්‍රිගේඩියර් අනිල් ලක්ෂ්මන් ඉලංගකෝන් ඉකුත් සෙනසුරාදා (05) දින මුලතිව් ප්‍රදේශයේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ විධිමත් සංචාරයක නිරත විය.
2020-09-08 12:30:06
562 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සේනක ප්‍රේමවංශ ගේ උපදෙස් මත ඔමන්තේ ප්‍රදේශයේ ස්ථාපිත 17 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ප්‍රදේශය පුරා පැතිර ගිය දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගනේෂපුරම් විහාරස්ථාන භූමියට වැටී තිබූණු දැවැන්ත ගසක් ඉවත් කිරීමට සිය දායකත්වය දැක්වූහ. ප්‍රදේශීය ලේකම්තුමන්ගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා භටපිරිස් පැය කිහිපයක් ඇතුළත මෙම ගස ඉවත්කිරීමේ කටයුතු නිම කරනු ලැබූහ.
2020-09-08 12:18:06
35 වසරකට අධික සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට එළඹීට නියමිතව ඇති ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ විශිෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ අභිමානවත් සේවය පැසසුමට ලක්කරමින් ඉකුත් සෙනසුරාදා (05) දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු පරිශ්‍රයේදී විධිමත් සමුගැනීමේ උත්සවයක් පවත්වනු ලැබිණි.
2020-09-08 11:30:06
අද (09) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් දාහත් දෙනෙකු (17) හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් 17 දෙනා අතරින් පුද්ගලයින් 09 දෙනෙකු කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය...
2020-09-08 11:18:06
අද (08) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කිසිදු කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයෙකු වාර්ථා නොවන බව කොවිඩි-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.
2020-09-07 20:46:11
තම එදිනදා කටයුතු වලින් මොහොතකට බැහැරව විවේකයක් අපේක්ෂා කරන යුද්ධ හමුදා සහ සිවිල් ජනතාවගේ පහසුව සඳහා ශ්‍රි ලංකා යුද්ධ හමුදාව විසින් කළමනාකරණය කරනු ලබන සුප්‍රසිද්ධ හෝටල් අතරින් ප්‍රධාන තැනක් ගන්නා ‘ලායා ලෙෂර්’ හෝටලය...
2020-09-07 17:00:01
එළඹෙන අපොස (සා/පෙළ) විභාගය වෙනුවෙන් පෙනී සිටින පූනරින් ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් වෙත උපකාර කිරීමේ අරමුණින් 66 වන සේනාංක මූලස්ථානය යටතේ ස්ථාපිත 661 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 5 වන (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සම්බන්ධීකරණයෙන් සැප්තැම්බර් මස 4 දින උපදේශන වැඩමුළුවක් පවත්වනු ලැබිණි.
2020-09-07 16:00:01
65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් හේමන්ත බණ්ඩාර ගේ උපදෙස් මත 652 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනිල් පීරිස් ගේ අධීක්ෂණය යටතේ 20 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සැප්තැම්බර් මස 05 දින ආනවිලන්දන්කුලම් ප්‍රදේශයේ පිහිටි ශාන්ත ෆිලිප්ස් පෙරපාසැල් ගොඩනැගිල්ලේ අළුත්වැඩියා කටයුතු ගම්වාසීන්ගෙන් ලත් සහයෝගය ද මත සිදුකර තිබිණි.
2020-09-07 15:00:01
අභාවප්‍රාප්ත මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සනත් කුමාර වාමදේව පානබොක්ක යන ජ්‍යේෂ්ඨ නිලධාරීගේ අවසන් කටයුතු යුද්ධ හමුදා නිළධාරීන්, භටපිරිස් සහ සංවේගයට පත් අතිවිශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පූර්ණ හමුදා ගෞරව සහිතව...