2021-02-03 10:21:59
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයේදී කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ තවත් එක් සාකච්ඡාවක් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි මෙන්ම 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා (02) දින පැවැත්විණි.
2021-02-03 09:21:59
අද (04) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 711 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ.
2021-02-02 20:51:08
වසර 34 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන හිටපු නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චින්තක ගමගේ වෙත ගෞරවාචාර පිරිනැමීමේ උත්සවය පසුගිය බදාදා (28) දින සිය රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ට ගෞරවාචාර පිරිනැමීම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් එක්ව සිටියහ.
2021-02-01 17:31:02
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි හම්බේගමුව ප්‍රාථමික විද්‍යාලයීය ක්‍රීඩාපිටිය සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු යුද්ධ හමුදා ඉංජිනේරු භටපිරිස් විසින් පසුගිය 31 වන දින...
2021-02-01 17:18:02
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් මොණරාගල ප්‍රදේශයේ පිහිටි 121 වන බලසේනාවේ භටපිරිස් පසුගියදා යාල්වෙල ගල්ගේ ආරණ්‍ය සේනාසන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරන ලදී. මෙම ශ්‍රමදාන වැඩසටහන අතරතුර, වන රක්ෂිත ප්‍රදේශයක පිහිටි මෙම ආරණ්‍ය සේනාසනය වෙත ගමන් ගන්නා මාර්ගය...
2021-02-01 17:15:02
අද (03) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 715 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන්...
2021-02-01 17:06:02
පුනරුත්ථාපන අධ්යක්ෂ බ්‍රිගේඩියර් ශිරාන් අබේසේකර ඉකුත් සිකුරාදා (29) දින කඹුරුපිටිය පිහිටි ‘අභිමන්සල - 2’ සුවතා නිකේතනයේ සංචරයක නිරත විය. එහිදී, නේවාසිකව ප්‍රතිකාර ලබන විරෝදාර රණවිරුවන් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකළ දන්ත ශල්‍යාගාරය එතුමන්ගේ සුරතින් විවෘත කෙරිණි.
2021-02-01 17:06:02
කුට්ටිගල පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා වෘත්තීය පුහුණු පාසලේ නවතමයෙන් ඉදිකළ මූලස්ථාන ගොඩනැගිල්ල පසුගිය සිකුරාදා (29) දින විවෘත කෙරිණි. පුහුණු පාසලේ සේනාවිධායක ලුතිනන් කර්නල් එම්.කේ.එස්.එස්. ද සිල්වා ගේ ආරාධනයකට අනුව එම අවස්ථාවට සපැමිණි මූල්‍ය කළමණාකරණ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් කුමාර හඳුන්මුල්ල ගේ සුරතින් නව ගොඩනැගිල්ල විවෘත කෙරිණි.
2021-02-01 17:01:02
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් රත්නායක සහ 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මනෝජ් ලමාහේවා ගේ උපදෙස් පරිදි මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන භටපිරිස් විසින් කෝකිලායි සිංහල විද්‍යාලයේ...
2021-02-01 16:00:34
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සියලුම ක්‍රීඩකයින්ගේ දිගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද ක්‍රීඩා පිටිය සහ නවතම ක්‍රීඩාගාරය පසුගිය සෙනසුරාදා (30) දින විවෘත කරනු ලැබූ අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ සහභාගි වූයේය.