2021-02-15 08:58:22
අද (16) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 774 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ.
2021-02-14 21:21:14
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ අනුග්‍රහය සහ සෘජු මඟපෙන්වීම අනුව ක්‍රියාත්මක වන සිරස නිවාස ව්‍යාපෘතිය යටතේ තලාතුඔය නුගලියද්ද ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක් ලබාදීම...
2021-02-14 18:21:14
පසුගියදා අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කල 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත, මඩකලපුව අගරඳගුරු අති උතුම් ආචාර්ය ජෝසප් පොන්නයියා පියතුමන් සහ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කේ. කරුණාහරන් මහතා හමුවිය. එම අවස්ථාවට 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් ගමගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු එක්ව සිටියහ.
2021-02-14 18:00:14
පසුගියදා මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරල් පියල් නානායක්කාරවසම් වෙත හමුදා ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් ඉකුත් බදාදා (10) දින කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස මුලස්ථානයේදී පැවැත්විණි.
2021-02-14 17:21:14
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ භටපිරිස් ඉකුත් සෙනසුරාදා (13) දින සරසවිගම, මහකන්ද ප්‍රදේශයේ වනරක්ෂිතයේ හදිසියේ ඇති වූ ගින්නක් සාර්ථකව මැඩපැවැත් වූහ.
2021-02-14 16:45:14
53 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස පසුගියදා රාජකාරි කටයුතු ආරම්භ කල මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ඉකුත් සඳුදා (15) දින මාවතගම ප්‍රදේශයේ ස්ථාපිත 532 වන බලසේනාවේ සංචාරයක නිරත වූයේය.
2021-02-14 16:21:14
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති ලෙස පසුගියදා රාජකාරි භාරගත් මේජර් ජෙනරල් චන්න වීරසුරිය පෙබරවාරි මස 12, 13 සහ 14 දිනයන්හි 24 වන සේනාංක මුලස්ථානයේ 241 හා 242 වන බලසේනා මුලස්ථායේ සංචාරයක නිරත වූයේය.
2021-02-14 15:21:14
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව තුරු මිතුරු නව රටක් රුක් රෝපණ ව්‍යාපෘතියට සමගාමීව කුඹුක්, නා හා මී පැළ 900 ක් සිටුවීමේ වැඩසටහනක් 121 වන බලසේනාවේ භටපිරිස් විසින් බුත්තල රාජමහා විහාර පරිශ්‍රයේදී...
2021-02-14 14:01:14
‘ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉදිරි උපායමාර්ග 2020 – 2025’ සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් ඉකුත් සෙනසුරාදා (13) දින නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේදී පැවැත්විණි.
2021-02-14 13:21:14
මානුෂීය මෙහෙයුම්වලදී යුද්ධ හමුදාව ලැබූ යුද ජයග්‍රහණය පිටුපස සිට යෝධ ශක්තියක් වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාලතුවක්කු වලට ආරක්ෂාවක් ලබාදීමේ අරමුණින් දිගු කාලීන අවශ්‍යතාවයක්ව පැවැති ‘කාලතුවක්කු අංගනයක්’ මත්තේගොඩ පිහිටි 10 වන මධ්‍යම ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිතය. එසේම, මේ වනවිට පවතින කාලතුවක්කු අංගන ද ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.