2021-03-05 18:37:41
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් 61 වන සේනාංකය යටතේ පිහිටි 612 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 12 වන ශ්‍රී ලංකා ක්ෂේත්‍ර ඉංජිනේරු බලකායේ භටපිරිස් කපුවත්ත, වල්ලාවිට රක්ෂිතයේ බ්‍රහස්පතින්දා (4) දින ඇති වූ ගින්නක් මැඩපවත් වූහ.
2021-03-05 18:30:05
562 වන බලසේනාවේ 1 වන සංවත්සර උත්සවය ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ඉකුත් අඟහරුවාදා (02) දින එච්චන්කුලම් පිහිටි එම බලසේනා මූලස්ථානයේදී පවත්වන ලදී.
2021-03-05 18:20:05
ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් තිලක් හන්ගිලිපොල අධ්යක්ෂ ජෙනරල් පාබල හමුදා 18 වන අධ්යක්ෂ ජෙනරල් ලෙස යුද්ධ මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී හමුදා සම්ප්‍රදායානූකූලව පැවති උත්සවයකදී බ්‍රහස්පතින්දා (04) දින රාජකාරි කටයුතු ආරම්භ කළේය.
2021-03-05 15:45:05
අද (06) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 350 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 12 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 338 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 94 ක් ලෙසය. ඊට අමතරව, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 82 ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 31 ක් ලෙස වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 131 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.
2021-03-05 15:20:05
ත්‍රිකුණාමලය භඨකාර්ය සම්පාදන පුහුණු පාසලේ පවත්වන භඨකාර්ය සම්පාදන පාඨමාලා අංක - 17 හදාරණ යුද්ධ හමුදා නිලධාරින් පිරිසක් එම පාඨමාලාවේ එක් අධියරයක් සම්පූර්ණ කිරීම සඳහා ලංකා IOC මූලස්ථානයෙහි අධ්‍යන සංචාරයක පෙබරවාරි මස 15 දින නිරත වූහ.
2021-03-05 13:20:05
ත්‍රිකුණාමලයේ පිහිටි යුද හමුදා භටකාර්ය සම්පාදන පුහුණු පාසලේ පුහුණුව ලබන විදේශිය සිසුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පිරිසක් පෙබරවාරි මස 21 සිට 25 දක්වා කාලය තුළ දකුණු පළාතේ සංචාරයක නිරත වූහ.
2021-03-05 11:04:37
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) ආඥාපති ලුතිනන් ජෙනරල් ඩෙනිස් ගිලෙන්ස්පෝර් (Lieutenant General Dennis Gyllensporre) පසුගිය දිනක මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක බලකායේ නැගෙනහිර මූලස්ථානයේ සංචාරයක නිරත වූයේය. එහිදි මාලි රාජ්‍යයේ ස්ථාපිත ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩයේ (Combat Convoy Company) බලඇණි නිලධාරී අණදෙන ලුතිනන් කර්නල් ශීරන්ත ගාල්ලගේ සමඟ සුහඳ පිළිසඳරක නිරත වූ එතුමන් ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩය වෙත පැවරෙන කාර්යභාර්ය හා වගකීම් මැනවින් ඉටුකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩය එතුමන්ගේ පැසසුමට ලක් කළේය.
2021-03-02 19:00:58
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩි තැබීමේ තරඟාවලියේදී 2021 වසරේ ජයගත් ක්‍රීඩකයින් හට සම්මාන පිරිනැමීමේ උත්සවය දියතලාව ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් (25) දින පැවැත්විණි.
2021-03-02 18:30:58
අද (05) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 384 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 33 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ.
2021-03-02 18:00:58
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කිරීම, ගුවන් කාර්ය මණ්ඩලය නිරෝධායනය කිරීම ඇතුලු තවත් මෙහෙයුම් කටයුතු කිහිපයක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් විධිමත්...