2021-02-25 14:15:46
ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර 33 වන ආඥාපති ලෙස බ්රිගේඩියර්මහේෂ් අබේවික්‍රම පසුගිය දා එම මූලස්ථානයේදී රාජකාරි කටයුතු භාරගත්තේය.
2021-02-25 14:12:46
දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලබන කෙඩෙට් නිලධාරින් සඳහා ‘මානව අයිතිවාසිකම්’ සහ ‘ජාත්‍යාන්තර මානුෂවාදි නීතිය’ පිළිබඳ දෙදින වැඩමුළුවක් පසුගිය 23 සහ 24 යන දිනවලදී පවත්වන ලදී. ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ සහයෝගිතාවයෙන් මානව හිමිකම් හා මානුෂවාදි නීති අධ්යක්ෂ මණ්ඩලය විසින් දේශනය සංවිධානය කරන ලදී.
2021-02-25 14:10:46
උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරතව සිටින HALO Trust හී ව්‍යාපෘති කළමණාකාරිනී එලිනෝර් පෝරිට් (Eleanor Porritt) මහත්මිය පසුගිය අඟහරුවාදා (23) දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
2021-02-25 14:00:46
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ නිලධාරින් සහ සෙසුනිලයින් සඳහා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය මගින් සංවිධානය කරන ලද දේශන මාලාවක් පසුගිය 16 සහ 17 යන දිනවල යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේදී පවත්වන ලදී.
2021-02-25 13:13:32
යුද්ධ හමුදා වාහනයකින් අද (පෙබරවාරි මස 25) උදෑසන හොරොයින් කිලෝග්‍රෑම් 45 ක් ප්‍රවාහනය කරමින් සිටියදී හොරණ ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් යුද්ධ හමුදා සාමාජිකයා සහ යුද්ධ හමුදාව හැරගිය සෙබලාට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට අවශ්‍ය උපදෙස් මේ වනවිට ලබාදී ඇත.
2021-02-24 15:00:26
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ධම්මික ජයසිංහ අද (24) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය. වසර 30 කට අධික කාලයක් යුද්ධ හමුදාව...
2021-02-24 11:49:06
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම යටතේ 4 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ භටපිරිස්හී පූර්ණ ශ්‍රමදායකත්වයෙන් කොටපොල බෙරලපනතර මහ විද්‍යාලයේ සිසු දරු දැරියන්ට මාර්ගය දෙපසට මාරුවීම සඳහා ගුවන් පාලමක් ඉදිකර දෙනු ලැබිණි.
2021-02-24 11:00:06
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ 14 වන ආඥාපති ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් උපාලි රාජපක්ෂ ඉකුත් සඳුදා (22) දින පැවැති උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
2021-02-24 10:00:06
අද (25) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 458 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හදුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 94 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 76 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 59 ක් ලෙස වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 229 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.
2021-02-24 08:49:06
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල්හේමන්ත බණ්ඩාර ගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (23) දින‘බිම් බෝම්බ නිෂ්ක්‍රීය කිරීම’ පිළිබඳව සාකච්ඡාවක් එම ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවැත්විණි.