2021-03-13 14:30:02
ගල්නෑව ප්‍රදේශයේ ස්ථාපිත 533 වන බලසේනාවේ 24 වන සංවත්සරය එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුමිත් නන්දන ගේ මඟපෙන්වීම යටතේ හමුදා සම්ප්‍රදායානුකූල වැඩසටහන් රැසක් සමගින් අභිමානවත් අයුරින් සැමරීය.
2021-03-13 14:00:02
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මුලස්ථානයේ භටපිරිස්හි ප්‍රයෝජනය සඳහා එම පරිශ්‍රයේ ස්වයංක්‍රිය රෙදි සෝදන සහ වියලන යන්ත්රයන්ගෙන් සමන්විත නව ලොන්ඩරියක් ඉදිකරන ලදී.
2021-03-13 13:37:02
‘ගම සමඟ පිළිසඳරක්’ වැඩසටහනේ තවත් පියවරක් ලෙස අතිගරු ජනාධිපතිතුමන් පසුගිය සෙනසුරාදා (06) දින ගිරිබාව ප්‍රදේශයේ සිදුකළ සංචාරයක් අතරතුර කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් අනුව ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් ගිරිබාව මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණය...
2021-03-12 17:30:13
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සහ 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නන්දන දුනුවිල ලබාදුන් උපදෙස් මත 562 වන බලසේනාවේ භටපිරිස් කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා වවුනියාව නගරයේ පොදු ස්ථාන සහ අවට ප්‍රදේශය විෂබීජහරණය කළහ.
2021-03-12 17:15:13
කනිෂ්ඨ අණදෙන නිලධාරී පාඨමාලා අංක - 20 සාර්ථකව අවසන් කළ නිලධාරීන් සඳහා සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය පසුගිය මාර්තු මස 09 වන දින බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට සහභාගි වූයේය. එසේම, එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක, ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් ඊට සහභාගි වූහ.
2021-03-12 17:12:13
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් පූනීත් සුෂිල් (Lieutenant Colonel Puneet Sushil) උතුරු ප්‍රදේශයේ සිදුකළ සංචාරයක් අතරතුර කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ පසුගිය බ්‍රහස්පතින්දා (11) දින හමුවිය.
2021-03-12 17:08:13
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී හා ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අශෝක පිරිස්, පසුගිය බ්‍රහස්පතින්දා (11) දින 4 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ සහ 9 වන ශ්‍රී ලංකා සංඥා බලකා මුලස්ථානය වෙත සිය පලමු සංචාරය සිදු කළේය.
2021-03-12 17:00:13
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් පූනීත් සුෂිල් (Lieutenant Colonel Puneet Sushil) උතුරු ප්‍රදේශයේ සිදුකළ සංචාරයක් අතරතුර පසුගිය බ්‍රහස්පතින්දා (11) දින වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර හමුවිය.
2021-03-12 16:52:13
නැගෙනහිර ආරක්ෂක සේනා බලප්‍රදේශයේ ස්ථානගත 4 වන විශේෂ බලකායේ භටපිරිස් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (11) දින ඇල්ල කන්තලේ ප්‍රදේශයේ නීතිවිරෝධි ලෙස වැලි ගොඩදැමීම සඳහා යොදාගත් වාහන සහ අනෙකුත් මෙවලම් තොගයක් අත්අඩංගුවට ගත්හ.
2021-03-11 15:58:04
යාපනය කතෝලික දේවස්ථානයන්ට අනුබද්ධිත මානව සංවර්ධන මධ්‍යස්ථානය (HUDEC) සහ සමාජ හා ආර්ථික සංවර්ධන මධ්‍යස්ථානය (SEDEC) ඒකාබද්ධව...