2021-04-03 16:31:05
වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි මයිලන්කරච්චි ශ්‍රී මහිනද්රාරම විහාරස්ථානයේ ධාතු මන්දිරය අභිනවයෙන් ඉදිකිරීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් සිය සහයෝගය දැක්වූහ. ප්‍රදේශයේ බැතිමතුන්ගේ ද සහයෝගය ඇතිව ඉදිකල ධාතු මන්දිරය විවෘත කිරීමේ උත්සවය මාර්තු මස 27 සහ 28 දෙදින පැවැත්විය.
2021-04-03 16:01:05
121 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය සෙනසුරාදා (03) දින සන්ධ්‍යාවේ කතරගම, වෙහෙරගල රක්ෂිතයේ ගොනගං ආර ප්‍රදේශයේ වගාකර තිබු ගංජා හේනක් වැටලුහ. මෙහි සියලු නිරීක්ෂණ කටයුතු ඩ්‍රෝන කැමරා යොදාගනිමින් සිදුකරනු ලැබිණි.
2021-04-03 14:01:05
62 වන සේනාංකයේ 10 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් උපාලි ගුණසේකර රාජකාරී කටයුතු ආරම්භ කළේය. එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ පසුගිය බ්‍රහස්පතින්දා (01) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති උත්සවයකදී එතුමන් රාජකාරී කටයුතු භාරගත්තේය.
2021-04-03 13:01:05
‘මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පුනරුත්ථාපන අධ්යක්ෂ ජෙනරල් මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර ගේ උපදෙස් මත මාර්තු මස 26 සහ 30 දින වල පැවැත්විණි.
2021-04-03 12:01:05
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 140 වන සංවත්සර දිනය අප්‍රේල් මස 01 වන දිනට යෙදී තිබිණි. ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ ලබාදුන් උපදෙස් මත සිය 140 වන සංවත්සරය ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් හමුදා සම්ප්‍රදායානුකූලව අභිමානවත් අයුරින් සමරන ලදී. තවද, සංවත්සරයට සමගාමීව...
2021-04-03 11:30:29
යුද්ධ හමුදා පුහුණු අණසක ආඥාපති මේජර් ජෙනරල් සේන වඩුගේ ත්‍රිකුණාමලයේ පිහිටි යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන පුහුණු පාසලේ සිය ප්‍රථම නිල සංචාරය පසුගිය සඳුදා (29) දින සිදු කළේය.
2021-04-03 11:00:29
වසර 34 කට අධික කාලයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාව යටතේ සේවය කර නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන මේජර් ජෙනරල් සුමිත් ප්‍රේමලාල් වෙත ගෞරවාචාරය පිරිනැමීමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (01) දින පනාගොඩ...
2021-04-03 10:00:29
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පළමු වරට සංවිධානය කරනු ලබන 'කුකුලේගඟ ස්පීඩ් හීල්ක්ලයිම්බ් ' (Kukuleganga Speed Climb 2021) මෝටර් රථ සහ යතුරු පැදි ධාවන තරඟාවලිය සඳහා මේ වනවිට සියලු කටයුතු සුදානම් කර ඇත. මෙම තරඟාවලිය සඳහා දිවයින පුරා මෝටර් රථ ධාවකයින් 120 ක් සහ...
2021-04-03 09:45:37
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ආපදා කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගිය බ්‍රහස්පතින්දා (01) දින පවත්වන ලදී. මෙම වැඩමුළුව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ලබාදුන් උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
2021-04-03 09:30:37
අද (04) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 167 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 32 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 135 දෙනා දේශීයව...