2021-04-13 06:30:22
64 වන සේනාංකයේ භටපිරිස් 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සමඟ එක්ව ඔඩ්ඩුසුඩාන් කුලමුරිප්පු සුසෙයිප්පාර් ක්‍රිස්තියානි දේවස්ථානයේ අප්‍රේල් මස 04 වන දින පැවැති පාස්කු ඉරිදා දේව මෙහෙයට එක්වූ බැතිමතුන් සඳහා උදෑසන ආහාරපාන ලබාදුන්හ.
2021-04-13 06:15:22
12 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් මෙහෙයවනු ලබන මුන්ඩන්පිඩ්ඩි මාර්ග බාධකයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධිව රැගෙන ආ කහ කිලෝග්‍රෑම් 1989 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
2021-04-13 06:00:22
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් කඹුරුපිටිය ප්‍රදේශයේ පිහිටි 613 වන බලසේනාවේ භටපිරිස් එම ප්‍රදේශයේ දරු දැරියන්ට අඳුම් පැළඳුම් සහ පාසල් උපකරණ ඇතුළු ත්‍යාග පාර්සල් තොගයක් ඉකුත් අඟහරුවාදා (13) දින බෙදාදුන්හ. ඒ සඳහා පරිත්‍යාගශීලින් පිරිසක් අනුග්‍රහකත්වය දැක්වූහ.
2021-04-13 05:50:22
අද (15) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 117 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 18 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 99 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ.
2021-04-13 05:45:22
සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයට සමගාමීව මැදවච්චිය හිරලුගම සහ ඇතාකඩ ග්‍රාම නිලධාරී කොට්ඨාසවල තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල් අතර පසුගිය ඉරිදා (11) දින වියළි සලාක පාර්සල් 500 ක් බෙදාදෙන ලදී.
2021-04-13 05:30:22
කොවිඩ්-19 වෛරසය හමුවේ යුද්ධ හමුදා සාමාජිකයින් ඔට්ටමාවඩි පිහිටි කෝරලේපත්තු බටහිර ප්‍රදේශීය සභා බලප්‍රදේශයේ සිදුකරනු ලැබු කාර්යභාර්ය සහ ආරක්ෂක කටයුතු නොපිරිහෙලා ඉටු කිරීම වෙනුවෙන් ගෞරව දැක්වීමේ උත්සවයක් පසුගිය ඉරිදා (11) දින ඔට්ටමාවඩි ප්‍රදේශීය සභා ශාලාවේදී පවත්වන ලදී. මෙම අවස්ථාවට යුද්ධ හමුදා සාමාජිකයින් 44 දෙනෙකු සහභාගි වූහ.
2021-04-13 05:15:22
62 වන සේනාංකායේ සේනාංකාධිපති ලෙස රාජකාරී භාරගත් බ්‍රිගේඩියර් උපාලි ගුණසේකර අප්‍රේල් මස 2 සහ 3 දිනවල සිය බලප්‍රදේශයේ පිහිටි බලසේනා සහ ඒකකවල සිය ප්‍රථම සංචාරය සිදු කළේය.
2021-04-13 05:00:22
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 62 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 20 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්, MTV/MBC ‘සිරස’ මාධ්‍ය ජාලය විසින් දියත් කරනු ලබන ‘සිරස නිවස’ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය සමඟ අත්වැල් බැඳගනිමින්...
2021-04-13 04:45:22
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 233 වන බලසේනාවට අයත් 6 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් වාකරෙයි මහා විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (06) දින දියත් කරන ලදී.
2021-04-13 04:30:22
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පුහුණුව ලැබු ආධුනික සෙබලුන් 239 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට මුල්තැනක් දෙමින් පසුගිය සෙනසුරාදා (10) දින එම පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.