2021-04-13 04:00:22
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ, පසුගිය බදාදා (07) දින කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ සහ ඒ යටතේ ස්ථාපිත භඨකාර්ය සම්පාදන ඒකකවල සංචාරයක නිරත වූයේය.
2021-04-13 03:30:22
අම්පාර සටන් පුහුණු පාසලේ 41 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් සනත් අලුවිහාරේ පසුගිය බදාදා (07) දින එම පුහුණු පාසලේ පැවැති උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කළේය.
2021-04-12 21:48:22
යාපනය ආර්ධද්වීපයේ ජිවත්වන සිවිල් වැසියන් අතර සන්හිඳියාව හා සුහදත්වය තවදුරටත් ප්‍රවර්ධනය කරමින්, දෘශ්‍යාබාධිත සහ ශ්‍රවණාබාධිත යාපනය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් සහ රාජ්‍ය නිලධාරීන් 21 දෙනෙකුට සංඥා භාෂාව ඉගැන්වීම සඳහා මාස 06 කට ආසන්න පාඨමාලාවක් පවත්වන ලදී. මෙම පාඨමාලාව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ සංකල්පයකට අනුව එම ආරක්ෂක සේනා මුලස්ථානයේ මුලිකත්වයෙන් පවත්වන ලදී.
2021-04-12 21:35:10
ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතියට සමගාමීව 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අධීක්ෂණය යටතේ ඉදිකරන ලද නව නිවස මාතෘභූමියට සාමය උදාකරලීමේ අරමුණින් අප්‍රතිහත කැපකිරීමක් සිදුකල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කෝප්රල්වරයෙකු වෙත ඉකුත් බ්‍රහස්පතින්දා (06) දින භාරදෙන ලදී.
2021-04-12 21:32:45
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පසුගිය දා යාපනය, නාවට්කුලි ගම්වාසීන් සමඟ සිදුකළ සාකච්ඡාවෙන් අනතුරුව එම ප්‍රදේශයේ කුඩා දරුවන් වෙනුවෙන් දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති පෙරපාසල් ගොඩනැගිල්ලක් ඉදිකරදීමට කටයුතු කළේය.
2021-04-12 21:29:16
අද (14) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 226 දෙනෙකු හඳුනාගෙන ඇත...
2021-04-12 21:27:54
යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලැබීමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් ප්‍රධාන සංඥා නිලධාරී කාර්යාලය සහ රණවිරු තොරතුරු තාක්ෂණ පුහුණු ආයතනය ඒකාබද්ධව ජාතික වෘත්තිය නිපුණතා 3 වන මට්ටමේ පාඨමාලාවක් පවත්වනු ලබයි.
2021-04-12 21:25:53
යාපනය, චුල්ලිපුරම් ප්‍රදේශයේ වෙසෙන කදිරන් ගෝවින්දසාමි මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් අත්විදින විවිධ දුෂ්කරතාවයන් පිළිබඳ අවධානය යොමුකල යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ප්‍රනාන්දු, ඔවුන් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීමට පසුගිය බදාදා (07) දින මුල්ගල් තැබුවේය.
2021-04-12 21:22:02
යාපනය ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් දෙකක් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම සඳහා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පසුගිය බදාදා (07) දින මුල්ගල් තැබුවේය.
2021-04-12 21:19:43
සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ විසින් කරන ලද ඉල්ලීමකට අනුව පරිත්‍යාගශීලීන් කණ්ඩායමකගේ අනුග්‍රහය ඇතිව පසුගිය සිකුරාදා (09) දින එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් අතර වියලි සළාක පාර්සල් සහ පාසල් උපකරණ බෙදාදුන්හ.