2021-04-29 14:13:56
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර බෝගස්වැව පන්සලේ සහ බෝගස්වැව මහා විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය පිළිබඳ පරික්ෂා කර බැලීමේ අරමුණින් එම ප්‍රදේශයේ සංචාරයක නිරත වූයේය.
2021-04-29 14:00:55
අද (29) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1466 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 15 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1451 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින්...
2021-04-29 13:40:37
58 වන සේනාංකය යටතේ ස්ථාපිත පුත්තලමේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආධුනික පුහුණු පාසලේ මූලික ආධුනික පුහුණු පාඨමාලා අංක 88 යටතේ පුහුණුව ලැබූ ආධුනික සෙබලුන් 438 දෙනෙකු සිය පාඨමාලාව සාර්ථකව අවසන් කර පසුගිය බ්‍රහස්පතින්දා (22) දින පැවති පෙළපාලියකදී විසිර ගියහ. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආධුනික පුහුණු පාසලේ සේනාවිධායක ලුතිතන් කර්නල් ඉන්දික කමල්ගොඩ ගේ ආරාධනාවකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චම්පක රණසිංහ සහභාගී වූයේය.
2021-04-28 22:12:38
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කටයුතුවල පූර්වගාමී මෙහෙවරක නියැලෙන යුද්ධ හමුදා සාමාජිකයින්ට මීට පෙර ‘AstraZeneca Covishield’ එන්නතේ පළමු මාත්‍රාව එන්නත් කිරීම රජය විසින් සිදුකරනු ලැබූ අතර එහි දෙවන මාත්‍රාව එන්නත් කිරීමේ වැඩසටහන අද (28) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේදී ආරම්භ කරන ලදී.
2021-04-28 14:55:32
අද (28) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1111 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 15 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1096 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින්...
2021-04-27 19:10:46
සිංහල, දෙමළ අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් කොස්ගම පිහිටි භඨකාර්ය සම්පාදන මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසු නිලයින් සීමිත ප්රමාණයකගේ සහභාගිත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (08) දින එම මූලස්ථාන පරිශ්‍රයේ අලුත් අවුරුදු උත්සවයක් පැවැත්විය. එම උත්සවය දැඩි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද යටතේ පැවැත්විණි.
2021-04-27 19:06:38
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක්ට අනුව ක්‍රියාත්මක ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව ‘තාරුණ්‍යයෙන් සැමට’ ස්වේච්ඡා සංවිධානය (FYFA Volunteer organization), යුද්ධ හමුදා භටපිරිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටපිරිස්...
2021-04-27 10:34:33
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 71 වන සංවත්සර දිනයේදී එම බලකායට ඓතිහාසික වටිනාකමක් එක් කරමින් පොල්හේන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථානයේ දී පසුගිය බ්‍රහස්පතින්දා (22) දින කෞතුකාගාරයක් ස්ථාපිත කරන ලදී.
2021-04-27 08:27:09
යාපනය දිස්ත්‍රික් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරි යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, යාපනය ලේකම් කාර්යාලයේදී 2021 අප්‍රේල් 24 දින යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ සාකච්ඡාවක් පවත්වන ලදී.
2021-04-26 23:47:23
අද (27) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 997 දෙනෙකු හඳුනාගෙන ඇත. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන...