02nd August 2018 17:27:07 පැය
වවුනියාව, මෑණික්ෆාම් ගොවිපලේ ප්‍රගතිය පිළිබඳ නිරීක්ෂණය සඳහා මූල්‍ය කළමනාකරණ අධ්යක්ෂ ජෙනරාල් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් වජිර පලිහක්කාර සහ කෘෂිකර්ම හා පශූ සම්පත් අධ්යක්ෂ බ්‍රිගේඩියර් ඒ.කේ.ඒ.බී. ගුණරත්න බ්‍රහස්පතින්දා (26) දින එහි සංචාරයක නිරත විය.
02nd August 2018 14:47:02 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ට ‘සටන් කලාව’ පිළිබඳ පුහුණු වැඩමුළුවක් එම ආරක්ෂක සේනා මූලස්ථානය ජාත්‍යන්තර සටන් කලා විද්‍යාපීඨය සමඟ සහයෝගිතාවයෙන් ජූලි මස 25 සිට අගෝස්තු මස 01 දින දක්වා පවත්වනු ලැබීය.
02nd August 2018 14:45:02 පැය
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සන්නිවේදන හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ‘ඵලදායී සන්නිවේදනය’ පිළිබඳ .....
02nd August 2018 14:44:02 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකකයේ භට පිරිස් ‘ලිංගාශ්‍රිත රෝග, ලිංගිකව බෝවන රෝග (STDs), ලිංගික සනීපාරක්ෂාව සහ හැසිරීම’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලේ ලිංගාශ්‍රිත හා සමාජ රෝග පිළිබඳ වෛද්‍ය වෙනුරි ප්‍රනාන්දු මහත්මිය විසින් පවත්වනු ලැබීය.
02nd August 2018 14:39:02 පැය
58 වන සේනාංකය යටතේ ස්ථාපිත 16 (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් විසින් ගාල්ල, වංචාවල ප්‍රදේශයේ පිහිටි පනාගමුව අමරසිංහ ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලැබීය.
02nd August 2018 14:38:02 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ෂංක රණවන ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පීරිස් ගේ මඟපෙන්වීම මත 20 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් ස්කන්දපුරම් රජයේ දමිළ මිශ්‍ර විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසහන සඳහා සිය සහයෝගය ලබාදෙනු ලැබීය.
01st August 2018 16:05:10 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 573 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස්හි සම්බන්ධිකරණයෙන් අඟහරුවාදා (31) දින කිලිනොච්චි ප්‍රදේශයේ වඩ්ඩකච්චි රජයේ දමිළ මිශ්‍ර ප්‍රාථමික විද්‍යාලයේ තෝරාගත් සිසුන් 48 දෙනෙකු වෙත අධ්‍යාපන කටයුතු සඳහා දිරීදිමනා පිරිනමනු ලැබීය.
01st August 2018 10:20:58 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටෙනිස් කමිටුව විසින් සංවිධානය කරනු ලැබු ආරක්ෂක සේවා ටෙනිස් තරඟාවලිය - 2018 හී අවසන් තරඟ සහ ත්‍යාග ප්රදානෝත්සවය සඳුදා (30) දින මෑනිංටවුන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විවාහක නිලධාරී නිවාස ටෙනිස් ක්‍රීඩාපිටියේදී පැවැති අතර එහි ශුරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් සමත් විය.
01st August 2018 10:17:40 පැය
65 වන සේනාංකය යටතේ ස්ථාපිත 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 15 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කිලිනොච්චි තේවන්පිඩ්ඩි රෝමානු කතෝලික දමිළ මිශ්‍ර විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් බ්‍රහස්පතින්දා (26) දින දියත් කරනු ලැබීය.
01st August 2018 10:05:54 පැය
බණ්ඩාරවෙල මහ නගර සභාව විසින් කරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින් 51 දෙනෙකුට වැඩි පිරිසක් මහ නගර සභාවේ කාර්ය මණ්ඩලය, ස්වේච්ඡා සංවිධාන සහ සිවිල් වැසියන් සමඟ එක්ව බණ්ඩාරවෙල නගරය සහ අවට ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සෙනසුරාදා (20) දින දියත් කරනු ලැබීය.