Header

Sri Lanka Army

Defenders of the Nation

logo logo logo

පුවත් විශේෂාංග

  • 57 වන සේනාංකයේ භට පිරිස් වෙතින් වැඩිහිටි නිවාසයට දිවා ආහාර

    21st December 2017 07:50:18 පැය

    57 වන සේනාංකයේ භට පිරිස් වෙතින් වැඩිහිටි නිවාසයට දිවා ආහාර

    කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ 57 වන සේනාංකය යටතේ ස්ථාපිත 571 වන බලසේනාවට අයත් 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස්, අඟහරුවාදා (19) දින මලයාලපුරම් එස්.කේ වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් 29 දෙනෙකු වෙත දිවා ආහාරය පිරිනැමු අතර, එහිදි නේවාසික වැඩිහිටියන් සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු තෑගි පාර්සල් ද පිරිනමනු ලැබීය.

  • යුද්ධ හමුදා සාමාජිකයන්ට ‘පැළ සහ බීජ’ තවාන් කිරීම පිළිබඳ පුහුණුවක්

    20th December 2017 06:26:37 පැය

    යුද්ධ හමුදා සාමාජිකයන්ට ‘පැළ සහ බීජ’ තවාන් කිරීම පිළිබඳ පුහුණුවක්

    බස්නාහිර පළාත් කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවට අයත් අඹේපුස්ස දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය මගින් ‘පැළ සහ බීජ’ තවාන් ශිල්පය පිළිබඳව පාඨමාලාවක් යුද්ධ හමුදා සාමාජිකයින් 31 දෙනෙකු වෙනුවෙන් පැවැත් වු අතර, පාඨමාලාව අවසානයේ සහතික පත් ප්‍රදානෝත්සවය සිකුරාදා (08) දින එම පුහුණු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

  • කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් ළමා නිවාසය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක

    20th December 2017 06:15:47 පැය

    කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් ළමා නිවාසය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක

    කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ සේවයේ නියුතු භට පිරිස්, කිලිනොච්චි, උරුතිරාපුරම් පිහිටි අරෝවන් පිරිමි ළමා නිවාසය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක සිකුරාදා (15) දින නිරත විය. 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන......

  • ලේඛණ සංරක්ෂණ කලාව පිළිබඳව භට පිරිස් දැනුවත් කෙරේ

    20th December 2017 06:02:15 පැය

    ලේඛණ සංරක්ෂණ කලාව පිළිබඳව භට පිරිස් දැනුවත් කෙරේ

    ප්‍රධාන සංඥා නිලධාරි මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් ජාතික ලේඛණාරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරින් විසින් ‘ලිපි ලේඛණ පරිහරණය සහ සංරක්ෂණය’ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳුදා (18) දින සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය. ඵෛතිහාසික වටිනාකමක් ඇති යුද්ධ හමුදා ලිපි ලේඛණ සංරක්ෂණය......

  • 64 වන සේනාංකයේ සිය 9 වන සංවත්සර දිනය අභිමානවත්ව සමරයි

    19th December 2017 10:35:51 පැය

    64 වන සේනාංකයේ සිය 9 වන සංවත්සර දිනය අභිමානවත්ව සමරයි

    මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකය සිය 9 වන සංවත්සර දිනය, ක්‍රීඩා ඉසව්වන් සහ හමුදා සම්ප්‍රදායානුකූල උත්සව වැඩසටහන් මාලාවක් සංවිධානය කරමින් එම සේනාංක මුලස්ථානයේ දී සෙනසුරාදා (16) දින සමරනු ලැබීය. සංවත්සර දිනයේ දී 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර වෙනුවෙන් හමුදා සම්ප්‍රදායානුකුලව......

  • යුද්ධ හමුදා භට පිරිස්හි සහායෙන් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු කැබ් රථය යළි මගට

    17th December 2017 15:30:02 පැය

    යුද්ධ හමුදා භට පිරිස්හි සහායෙන් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු කැබ් රථය යළි මගට

    යාපනය - කිළිනොච්චි ප්‍රධාන මාර්ගයේ උරදිපුරම් ප්‍රදේශයේදී සිකුරාදා (15) දින මාර්ගයෙන් ඉවතට පැන අනතුරට භාජනය වූ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැබ් රථයක්, කිළිනොච්චි ආ‍රක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 66 වන සේනාංක මූලස්ථානය යටතේ ස්ථාපිත 662 වන බළසේනා මූලස්ථානයේ භට පිරිස් විසින් යළි මාර්ගයට රැගෙන ඒමට සමත්වූහ.

  • වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය හමුදා සාමාජිකයන්ගේ පවුල් වෙනුවෙන් වන්දනා සංචාරයක් සංවිධානය කරයි

    17th December 2017 15:17:58 පැය

    වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය හමුදා සාමාජිකයන්ගේ පවුල් වෙනුවෙන් වන්දනා සංචාරයක් සංවිධානය කරයි

    රට වෙනුවෙන් දිවි පිදූ, යුද්ධයෙන් තුවාල ලබා රණක්‍ෂිතයට පත්වූ සහ දැනට සේවයේ යෙදී සිටින හමුදා සාමාජිකයන්ගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය වෙතින් 2017 දෙසැම්බර් මස 11 - 13 යන දිනයන්හි අනුරාධපුර පූජා නගරයේ සහ මන්නාරම අවට දැකුම්කළු......

  • ශ්‍රීලංජාආබමු නව රෙජිමේන්තු අධිපති වැඩ අරඹයි

    17th December 2017 15:16:23 පැය

    ශ්‍රීලංජාආබමු නව රෙජිමේන්තු අධිපති වැඩ අරඹයි

    ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ (ශ්‍රීලංජාආබමු) 14 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු බදාදා (13) දින කුරුණෑගල හෙරලියවල ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවති චාම් හමුදා උත්සවයකින් වැඩ භාරගන්නා ලදි. ශ්‍රීලංජාආබමු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.එච්.එම්.ඩබ්ලිව්.බී තම්මිට විසින්......

  • නව යුද්ධ හමුදා පිරිස් පාලන අධ්‍යක්ෂ රාජකාරි අරඹයි

    16th December 2017 20:18:14 පැය

    නව යුද්ධ හමුදා පිරිස් පාලන අධ්‍යක්ෂ රාජකාරි අරඹයි

    යුද්ධ හමුදා මුලස්ථා‍නයේ නව පිරිස් පාලන අධ්‍යක්ෂවරයා ලෙස බ්‍රිගේඩියර් දේවින්ද පෙරේරා සිකුරාදා (15) දින උදෑසන පැවති ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගන්නා ලදී. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ නිල ලියවිල්ලකට අත්සන් තබමින් නව පිරිස් පාලන අධ්‍යක්ෂවරයා තම රාජකාරි නිල වශයෙන් ආරම්භ කරන ලද අතර යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද මේ අවස්ථාව සඳහා සහභාගි විය.

  • ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පුරාවිද්‍යා උරුමයන් පිළිබඳ යාපනය භට පිරිස් දැනුවත් කෙරේ

    16th December 2017 20:17:43 පැය

    ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පුරාවිද්‍යා උරුමයන් පිළිබඳ යාපනය භට පිරිස් දැනුවත් කෙරේ

    යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය මගින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පුරාවිද්‍යා උරුමයන් පිළිබඳව දැනුවත් කිරිමේ වැඩසටහනක් බදාදා (13) දින ආරක්ෂක සේනා මුලස්ථාන නිලධාරින් සදහා එම මුලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වින. කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කයන් හි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.ඩි. පාලිත විරසිංහ මහතා විසින් මෙහිදි දේශණ සහාය ලබාදෙන ලදි.