14th August 2018 11:00:07 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පරිගණක දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් මාසයක පරිගණක පාඨමාලාවක් ජූලි මස 1 සිට අගෝස්තු මස 15 වන දින දක්වා පවත්වනු ලැබීය. මෙම පාඨමාලාව ‘Future Step IT Solution’ පුද්ගලික සමාගම විසින් පවත්වන ලදි.
14th August 2018 10:33:07 පැය
දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක 85 සහ 86 හී පුහුණුව ලබන කෙඩෙට් නිලධාරින් 58 දෙනෙකු අගෝස්තු මස 8 සිට 10 දින දක්වා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සහ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරතවිය.
14th August 2018 10:13:06 පැය
මොණරාගල දිස්ත්‍රික්කයේ ඔක්කම්පිටිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ සුදුවතුර කන්දේ හදිසියේ ඇතිවූ ගින්නක් පිළිබඳ සැලවූ වහාම මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 121 වන බලසේනාවට අයත් 18 වන ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් යුහුසුළුව ක්‍රියාත්මක වී ගින්න මැඩපැවැත්වීමට සමත්විය.
13th August 2018 17:16:52 පැය
විවිධ අයුරින් රෝගාබාධයන්ට ලක්වූ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, රණවිරුවන්ගේ බිරින්දෑවරුන් සහ ළමුන් මෙන්ම ආර්ථික අපහසුතා සහිත යුද්ධ හමුදා සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු 32 ක් වෙත රුපියල් මිලියන 4 කට වැඩි වටිනාකමින්....
13th August 2018 16:58:13 පැය
වැලිඔය, පදවිය ප්‍රදේශයේ ස්ථාපිත 621 වන බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ප්‍රතිසංස්කරණය කරන ලද ඉදිකිරීම් කිහිපයක් සහ තවත් පහසුකම් කිහිපයක් විවෘත කරනු ලැබීය.
13th August 2018 16:56:13 පැය
කුරුවිට, ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා වෙත හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් ජුලි මස 11 දින පිරිනමනු ලැබීය.
13th August 2018 13:57:13 පැය
පදවි ශ්‍රීපුර රෝහලේ නවතමයෙන් ඉදිකරන ලද වකුගඩු රෝග නිවාරණ ඒකකය විවෘත කිරීමට පෙර රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමාදාන වැඩසටහනක් බදාදා (08) දින වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් විසින් දියත් කරනු ලැබීය.
13th August 2018 13:46:27 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් සැමරුම් වැඩසටහන් මාලාවක් සමඟින් 2018 ජූලි මස 28 වන දින සිය 20 වන සංවත්සරය සමරනු ලැබීය.
13th August 2018 13:45:27 පැය
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන භාවනා වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් කඳුබොඩ, බවුන්සෙත් මානසික සුව සෙවන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී බදාදා (08) දින සාර්ථකව පැවැත්විණි.
13th August 2018 13:44:27 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භට පිරිස් තවත් ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස කිලිනොච්චි, ස්කදන්පුරම් ප්‍රදේශයේ තෝරාගත් අඩුආදායම්ලාභි පවුල් සඳහා ආර්ථික වටිනාකමින් යුත් පොල් පැළ සහ තවත් පැළ තොගයක් සිකුරාදා (03) දින බෙදාදෙන ලදි.