2021-07-03 13:48:08
වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමඟින් පසුගිය දා ඇති වූ බහින්බස්වීමක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා 21 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කරනු ලබන මේජර් ජෙනරල් මොහාන් රත්නායක ස්වෙච්ඡාවෙන්ම අද (ජුලි 01) දින උදෑසන කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වීමෙන් අනතුරුව ශරීර ඇප දෙකක් මත නිදහස් කොට ඇත.
2021-07-03 11:48:08
ශ්‍රී ලංකාවේ පාකිස්තානු ජනරජයේ මහ කොමසාරිස් මේජර් ජෙනරල් මුහම්මද් සාද් ඛට්ටක් (විශ්‍රාමික) (Major General (Retd), Muhammad Saad Khattak) පසුගිය බදාදා (30) දින කිලිනොච්චි ප්‍රදේශයේ සිදුකළ සංචාරයේදී ආරක්ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ හමුවූයේය.
2021-07-02 14:24:07
ශ්‍රී ලංකා පාබල හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වූ මේජර් ජෙනරල් යූ.ඒ. කරුණාරත්න (විශ්‍රාමික) කොළඹ 05 පිහිටි සිය නිවසේදී බ්‍රහස්පතින්දා (01) දින අභාවප්‍රාප්ත වූයේය. අභාවප්‍රාප්ත වන විට මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 80 වන වියේ පසු වූයේය. මේජර් ජෙනරල් යූ.ඒ. කරුණාරත්න (විශ්‍රාමික) ගේ යුද්ධ හමුදා දිවිය තුළ කොතලාවල...
2021-07-02 13:30:26
අද (04) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,262 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 11 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින්...
2021-07-02 13:00:26
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ භටපිරිස් විසින් අරියාලේ ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් මුහුණ දී ඇත. ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් එම පවුල් වෙත වියළි සලාක පාර්සල් 55 ක් බෙදාදුන්හ.
2021-07-02 12:00:26
කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය දිරිගැන්වීමේ රජයේ ප්‍රතිපත්තියට සවියක් වෙමින් 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භටපිරිස් ජුනි මස 25 දින දියතලාවේ පිහිටි අනුඛණ්ඩ කඳවුරු ...
2021-07-02 11:00:26
කිලිනොච්චි, කුමාරස්වාමිපුරම් ප්‍රදේශයේ ආර්ථික අපහසුතා සහිත පුද්ගලයින් මුහුණදෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් යාපනය ප්‍රදේශයේ දානපතියෙකුගේ අනුග්‍රාහකත්වය ඇතිව 572 වන බලසේනාවේ භටපිරිස් පසුගිය සඳුදා (28) දින වියළි සලාක පාර්සල් 25 ක් බෙදාදුන්හ.
2021-07-02 10:30:26
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් පරිදි කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳව එම ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (28) දින පැවැත්වීය.
2021-07-02 10:15:26
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ලබාදුන් උපදෙස් මත පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ඇතිව ආරක්ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි වෙතින් අවශ්‍යතා සහිත වැසියන් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
2021-07-01 21:27:42
අද (03) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,823 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 84 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වන අතර තවත් පුද්ගලයින් 02 ක් විදේශිකයින් වේ...