2024-04-16 17:30:32
සේරුවාවිල ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත මල්ලිකා චන්ද්‍රලතා මහත්මිය වෙනුවෙන් ඉදිකරන ලද නව නිවස 2024 අප්‍රේල් මස 11 දින එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී විසින් නිවාස ලාභීන් වෙත නිල වශයෙන් භාරදෙන ලදී.
2024-04-16 17:28:04
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී, පසුගිය බදාදා (අප්‍රේල් මස 10) දින කඹුරුපිටිය, ‘අභිමංසල - II’ සුවතා නිකේතනයෙහි නේවාසිකව ප්‍රථිකාර ගනු ලබන රණවිරුවන් සමඟින් සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සමරනු ලැබීය.
2024-04-16 17:25:00
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සිය ධූර කාලය තුළදී ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාව වෙත සිදුකරන ලද සුවිශේෂී දායකත්වය වෙනුවෙන් එම සභාව විසින් 2024 අප්‍රේල් මස 11 දින කල්මුණේ මෙතෝදිස්ත දේවස්ථානයේදී උපහාර පිරිනැමීමේ උත්සවයක් සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකා මෙතෝදිස්ත පල්ලියේ අගරදගුරු ගරු එබනේසර් ජෝශප් පියතුමන්ගේ උපදෙස් මත මෙතෝදිස්ත ධර්ම සභාව විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.
2024-04-16 17:21:11
12 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා බුද්ධි අංශ භටපිරිස් විසින් සපයන ලද තොරතුරුකට අනුව ඇඹිලිපිටිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් 2024 අප්‍රේල් 09 දින කොස්ලන්ද, මොනරාගල ප්‍රදේශයේ ගංජා හේනක් වටලනු ලැබීය.
2024-04-16 17:18:35
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත 2024 අප්‍රේල් මස 12 දින ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම විසින් එම මූලස්ථාන පරිශ්‍රයේ දී සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද සමරනු ලැබීය.
2024-04-13 17:54:26
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් 2024 අප්‍රේල් මස 06 දින හන්තාන කඳුවැටියේදී අතුරුදන් වූ යුවලක් සොයා මුදාගැනීමේ මෙහෙයුමක් දියත් කරන ලදී.
2024-04-12 16:52:03
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය බදාදා (අප්‍රේල් මස 10) දින අනුරාධපුර පිහිටි ‘අභිමංසල - 1’ සුවතා නිකේතනයේ සංචාරයක නිරත වෙමින් එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් හමුවී සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් සිය සුබපැතුම් පිරිනැමීය.
2024-04-12 16:50:05
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව වෙතින් 2024 අප්‍රේල් මස 08 දින අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වූ අතර ඒ සඳහා එම බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද සහභාගී වූහ.
2024-04-12 16:47:55
582 පාබල බලසේනාව වෙතින් විශේෂ අවශ්‍යතා සහිත ළමුන් 83 දෙනෙකු වෙනුවෙන් 2024 අප්‍රේල් මස 08 දින හොරණ ‘සුඛිත ආබාධිත ළමා නිවාසයේදී’ සංගීත වැඩසටහනක් පැවැත්වීය.
2024-04-12 16:43:54
2024 සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් 2024 අප්‍රේල් මස 10 දින යාපනය ප්‍රදේශයේ පිහිටි දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී සම්ප්‍රදායික අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වීය. ඒ සඳහා යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගී වූහ.