2024-04-09 16:27:56
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ 15 වන මුලස්ථාන අරක්ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස ලුතිනන් කර්නල් ඩී.කේ.ඩී. විතානගේ ආර්එස්පී 2024 මාර්තු මස 05 දින ‘නාකුරා’ (Naqoura) ප්‍රදේශයේ පිහිටි ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේදී රාජකාරි භාරගනු ලැබීය.
2024-04-09 16:24:19
තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක මණ්ඩලයේ නව අධ්‍යක්ෂකවරයා ලෙස බ්‍රිගේඩියර් එස්.ජේ.කේ.ඩී ජයවර්ධන යූඑස්පී පීඑස්සී 2024 මාර්තු 27 දින යුද්ධ හමුදා මූලස්ථානයේ සිය කාර්යාලයේ පැවති චාම් උත්සවයකදී ධූරයේ වැඩ භාරගන්නා ලදී.
2024-04-09 13:25:58
ප්‍රතිත්‍රස්ත සහ කැලෑබද සටන් පාඨමාලා අංක - 36 විසිර යාමේ පෙළපාලිය මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ දී පැවැත්විය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.ටී.පී. ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී වූහ.
2024-04-09 13:22:08
561 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්.ජී.ඒ මලන්දෙණිය ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ 10 ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් විශ්වමඩු ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය සමග එක්ව 2024 අප්‍රේල් මස 4 සහ 5 දිනයන්හි දී පලිනගර් මහා විද්‍යාලයේ සහ කනගරායන්කුලම් පාසලේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සංවිධානය කරන ලදී.
2024-04-09 13:11:44
144 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.කේ.ඩී.පී. මාපලගම පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ පැලවත්ත විද්‍යාවර්ධන විද්‍යාලයේදී 2024 අප්‍රේල් මස 02 දින මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් පවත්වනු ලැබීය.
2024-04-09 13:07:05
අම්පාර සටන් පුහුණු පාසල විසින් සංවිධානය කරන ලද සිංහල දමිළ අලුත් අවුරුදු උත්සවය 2024 අප්‍රේල් මස 6 දින එම පුහුණු පාසලේ සේවයේ නියුතු නිලධාරීන්,සෙසුනිලයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ එක්ව පුහුණු පාසල් ක්‍රිඩාංගනයේ දී පැවැත් වූහ.
2024-04-08 13:39:16
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ 3 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් ඒස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී 2024 අප්‍රේල් මස 04 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සිය ධූරයේ රාජකාරීන් භාරගන්නා ලදී.
2024-04-08 13:37:04
21 පාබල සේනාංකයේ 36 වන සංවත්සරය දිනය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ උපදෙස් මත ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූලව අප්‍රේල් මස 04 දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2024-04-08 11:35:06
ත්‍රිකුණාමල ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා 2024 අප්‍රේල් මස 04 දින මුල්ගල තැබිණි.
2024-04-08 10:15:54
වැලිවේරිය ලංකා ස්ටීල් සමාගමේ (Steel Company) 2024 අප්‍රේල් මස 05 දින සිදු වූ ගෑස් කාන්දුවක් හේතුවෙන් ප්‍රදේශයේ සිවිල් වැසියන්ට සහ දේපළවලට සිදුවිය හැකිව තිබූ විශාල හානියක් කඩනමින් ක්‍රියාත්මක වී වැළැක්වීමට 14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය ප්‍රතිචාර රෙජිමේන්තුව සමත්වූහ.