2018-11-12 08:00:17
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ශ්‍රී ලංකා ජාත්‍යන්තර සටන් කලා ඇකඩමිය සමඟ සහයෝගීත්වයෙන් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ආත්ම ආරක්ෂව සඳහා සටන් කලා හැකියාව වර්ධනය කිරීමේ අරමුණින් ‘Martial Arts’ සටන් පුහුණුවේ තෙවන අදියරය 2018 නොවැම්බර් 07 දින සිට 12 දින දක්වා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේදි පවත්වනු ලැබීය.
2018-11-11 14:49:24
පවතින අයහපත් කාලගුණයත් සමඟ මූලතිව් දිස්ත්‍රික්කය හරහා බදාදා (07) දින හදිසියේ හඹාගිය සුළි සුළං තත්ත්වය හේතුවෙන් කඩා වැටුණු ගස් ඉවත් කිරීමේ සහ ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීමේ කටයුතු සඳහා 64 වන සේනාංකය යටතේ ස්ථාපිත 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 23 වන විජයබාහු....
2018-11-11 14:00:24
සන්නද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් තුල ආධ්‍යාත්මික හා මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන භාවනා වැඩසටහනේ තවත් එක් අදියරක් බදාදා (07) දින හැලුම්මහර, බවුන්සෙත් විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.
2018-11-11 00:07:10
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා සෙනසුරාදා (10) දින එම ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවැති උත්සවයක දී රාජකාරි භාරගනු ලැබීය. ආරක්ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් වෙත 7 වන ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක්....
2018-11-11 00:00:10
බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත 582 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ එම බලසේනාවේ භට පිරිස් විසින් ඉංගිරිය ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා අක්ෂි සායනයක් ඉරිදා (11) දින පවත්වනු ලැබීය.
2018-11-09 16:29:05
පකිස්ථානයේ, ලාහෝර් නුවර පැවැති දෙවන ජාත්‍යන්තර ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා (PACES) තරඟාවලියේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා කණ්ඩායම රන් පදක්කම් 36 ක් සහ රිදී පදක්කම් 22 ක් දිනාගැනිමට සමත්විය.
2018-11-09 15:45:14
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වවුනියාව, දමිළ ප්‍රජාවේ සාමාජිකයින් සමඟ එක්ව දීපවාලි උත්සවයට සමගාමීව විශේෂ හින්දු පූජාවක් වවුනියාව, ශ්‍රී කන්දසාමී කෝවිලේ දී අඟහරුවාදා (06) දින පවත්වනු ලැබීය.
2018-11-09 15:26:14
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් දියත් කරනු ලැබු ‘රණවිරු හරිත අරණ’ ව්යා පෘතියට සමගාමීව කිලිනොච්චි ආරක්ෂaක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියළුම සේනාංක, බලසේනා සහ ඒකකයන්හි බදාදා (07) දින රුක් රෝපණ වැඩසටහනක් පවත්වනු ලැබීය.
2018-11-09 13:30:31
බ්‍රිගේඩියර් චුල අබේනායක, 14 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස සඳුදා (05) දින බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත එම සේනාංක මුලස්ථානයේ දී රාජකාරි භාරගන්නා ලදි. නව සේනාංකාධිපති, සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛණයකට....
2018-11-09 13:00:31
මහනුවර, මහාමයා බලිකා විද්‍යාලයේ බාලදක්ෂිකාවන් සඳහා වාර්ෂිකව පවත්වනු ලබන SEGNO ගවේෂණ තරඟාවලිය සෙනසුරාදා (03) දින දුණුමඩලාව රක්ෂිතයේ දී පැවැති අතර ඒ සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය බල ප්‍රදේශයේ ස්ථානගත 11 වන සේනාංකය, 111 වන බලසේනාව සහ සංඥා පුහුණු පාසලේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගය ලබාදෙනු ලැබීය.