2023-11-02 20:42:49
අභිනවයෙන් උසස්වීම් ලබා නාඋල, විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් එම්.ටී.අයි මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 21) දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2023-11-02 20:40:03
අධ්යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 26) දින පනාගොඩ, යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්ෂක මණ්ඩලය වෙත නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.
2023-11-02 20:38:14
දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී කාරියවසම් පසුගිය බදාදා (ඔක්තෝබර් මස 25) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
2023-11-02 20:36:45
රට වෙනුවෙන් දිවිපිදූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ වීරෝදාර රණවිරුවන් සිහිකරමින් පින් අනුමෝදනා කිරීමේ ධර්ම දේශනයක් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 27) දින පනාගොඩ පිහිටි 2 (ස්වෙඡ්චා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේදී පවත්වනු ලැබීය.
2023-10-31 14:53:23
චීනයේ ‘Hangzhou’ හි පැවති 4 වන ආසියානු පැරා මලල ක්‍රීඩා උළෙලේදී පදක්කම් හිමිකරගනිමින් මෙරටට පැමිණි ශ්‍රී ලංකා පැරා මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 30) දින උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2023-10-30 22:27:54
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 පාබල සේනාංකයේ 542 පාබල බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් සහ ‘මනුසත් දෙරණ’ අනුග්‍රාහකත්වය මත මන්නාරම දිස්ත්‍රික්කයේ සිවිල් වැසියන් 623 කට අධික පිරිසක් සඳහා පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 28) දින වෛද්‍ය සායනයක් පවත්වනු ලැබීය.
2023-10-30 22:24:31
අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2023 ඔක්තෝබර් මස 21 සිට 22 දින දක්වා කාලය තුළ රණවිරු සැමරුම් උත්සවයක් පැවැත්වීය.
2023-10-30 22:21:06
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ සේවයේ නියුතු සාමාජිකයින් ‘ආර්ය පදනමේ’ සංවිධායකයින් සමඟ එ්කාබද්ධව යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන් 800 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 28) දින ‘උදාරයි ඔබ රණවිරු ක්‍රියාන්විතය’ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-10-30 22:15:49
ශ්‍රී ලංකා සංඥා බලකායේ 80 වන සංවත්සරයට සමගාමීව සහ ලෝක ළමා දිනය නිමිත්තෙන් එම බලකා සේවා වනිතා ශාඛාව මගින් ශ්‍රී ලංකා සංඥා බලකා සාමාජිකයන්ගේ පවුල් වල අධ්‍යාපනය ලබන සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා සුභසාධන වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 26) දින පවත්වනු ලැබීය.
2023-10-30 22:10:30
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත් 232 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 12 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් තොප්පිගල ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන ජනතාවගේ අක්ෂි පරීක්ෂා කිරීමේ වෛද්‍ය සායනයක් පවත්වා අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙත ඇස් කණ්ණාඩි 150 ක් බෙදාදීමේ වැඩසටහනක් ඔක්තෝබර් මස 28 දින පුලිපංචිකාල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සංකීර්ණයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.