2024-05-29 18:06:18
දියතලාව, ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලෙහි නිර්මාතෘ ලුතිනන් කර්නල් ඩී.බී රාජසිංහ (අභාවප්‍රාප්ත) ගේ ජන්ම දිනයට සමගාමීව 2024 මැයි මස 28 දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී භටපිරිස් විසින් රුධිරය දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය.
2024-05-29 17:40:28
වෙසක් උත්සවය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ ‘ශාක්‍යසිංහ වෙසක් පහන් කූඩු තරඟය - 2024’ සඳහා යක්කල සහ අලව්ව රණවිරු ඇපරල් ආයතනයේ භටපිරිස් විසින් වෙසක් කූඩු සහ සැරසිලි ඉදිරිපත් කරමින් වෙසක් උත්සවය සැමරූහ. රණවිරු ඇපරල් - යක්කල සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.ජී.ඒ.එන්.බී මහතුවක්කාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත භටපිරිස් විසින් මෙම වෙසක් කූඩු සහ සැරසිලි ඉදිරිපත් කරනු ලැබීය.
2024-05-29 13:35:15
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මාණ්ඩලික සැරයන්
2024-05-29 13:33:48
හම්බන්තොට, උඩමුල්ල මහා විද්‍යාලයේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවති බුදුමැදුර 12 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් ඉදිකර එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ සුරතින් 2024 මැයි මස 23 දින එම බුදුමැදුරේ බුදු පිළිමයක් තැන්පත් කළේය.
2024-05-29 13:30:30
මව්බිම වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීමේ අරමුණින් 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩී.එම්.වී.එම්.ආර්. දිසානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත 2024 මැයි මස 18 දින ක්ලැපන්බර්ග් කඳවුරේදී රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
2024-05-29 13:28:33
541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.වයි.සී ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යූඑස්පී ගේ උපදෙස් මත පූජ්‍ය අඹගහවැවේ සංගරක්ඛිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් භටපිරිස් විසින් මාතොට රජමහා විහාරස්ථානයේදී මැයි 20 වන පොහෝ දින බෝධි පූජා පිංකමක් සහ වෙසක් කූඩු ප්‍රදර්ශනයක් පැවැත්විණි.
2024-05-29 13:20:29
141 පාබල බලසේනාවේ භටපිරිස්හී මූලිකත්වයෙන් 2024 මැයි මස 27 දින 8 ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරු පරිශ්‍රයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය.
2024-05-28 17:15:34
54 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 මැයි මස 25 දින එම සේනාංක මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.
2024-05-28 17:09:07
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා
2024-05-28 17:08:53
ඉංජිනේරු සේවා බලකායේ 15 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පි යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 මැයි මස 21 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී රාජකාරි භාරගත්තේය.