2024-06-02 18:59:50
61 පාබල සේනාංකය වෙතින් 2024 මැයි මස 28 දින බූස්ස, ශ්‍රී ලංකා පාබල හමුදා උත්සව ශාලාවේදී ‘Diners’ Club’ වැඩමුළුවක් පවත්වන ලදී. ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් විසින් මෙම වැඩමුළුවේදී ‘වෘත්තීයභාවය සහ බුද්ධිමත්භාවය තුලින් උපායමාර්ගික සංග්‍රාමික නායකත්වය' තේමාව ඔස්සේ දේශනයක් පැවැත්වීය.
2024-06-02 18:57:17
වෙසක් උත්සවය නිමිත්තෙන් 213 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ප්‍රාදේශීය යුධෝපකරණ ගබඩාව සමඟ එක්ව 2024 මැයි මස 23 දින රොටි සහ කුරක්කන් කැඳ දන්සලක් පැවැත්වීය. එම බලසේනාවේ බලසේනාධීපති කර්නල් පී.එම්. ද සිල්වා ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම බලසේනා මූලස්ථානය ඉදිරිපිටදී මෙම දන්සැල පැවැත්වීය.
2024-06-02 06:11:24
‘ජාතික බොක්සිං ශූරතාවලිය - 2024’ තරඟාවලිය කොළඹ රාජකීය විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2024 මැයි මස 12 සිට 16 දින දක්වා පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි බොක්සිං කණ්ඩායම මෙම තරඟාවලියේදී සිය දක්ෂතා විදහා දක්වමින් රන් පදක්කම් 14 ක්, රිදී පදක්කම් 07 ක් සහ ලෝකඩ පදක්කම් 06 ක් දිනාගැනීමට සමත්වූහ.
2024-06-02 05:10:57
7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් කදුරුවෙල ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත
2024-06-01 23:02:09
ශ්‍රී ලංකා තරුණ බෞද්ධ සංගමයේ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා ආඥාපති - යාපනය සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩියූ පීඑස්සි ගේ මඟපෙන්වීම මත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් සිව් දින භාවනා වැඩසටහනක් පැවැත්වීය. මෙම වැඩසටහන 2024 මැයි මස 11 සිට 14 දින දක්වා දඹුලුහල්මිල්ලවැව, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2024-05-31 17:31:50
පසුගිය දා ධූරයේ රාජකාරි කටයුතු භාරගත් 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් එම සේනංකය යටතේ සේවයේ නියුතු භටපිරිස්හී සුවදුක් විමසීමේ අරමුණින් ඒ යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හී සංචාරයක නිරත විය.
2024-05-31 17:25:39
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ 92ඒ, 93බී, සහ එස්සී 21 පාඨමාලාවන්හී කෙඩෙට් නිලධාරින්
2024-05-30 17:19:05
වෙසක් උත්සවය නිමිත්තෙන් 58 පාබල සේනාංකයේ භටපිරිස් 2024 මැයි මස 23 සහ 24 දෙදින තුළ එම සේනාංක මූලස්ථානය ඉදිරිපිටදී බත් දන්සලක් සහ වෙසක් කලාපයක් පැවැත්වීය.
2024-05-30 13:39:48
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා
2024-05-29 18:11:32
විවිධ ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් මීට මාස කිහිපයකට ප්‍රථම කොක්කඩිචෝලෙයි රාමක්‍රිෂ්ණ මිෂන් පාසල් පරිශ්‍රයේදී සිංහල භාෂා පුහුණු වැඩසටහනක් ආරම්භ කරනු ලැබීය. එම පුහුණු වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ නිරීක්ෂණය කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී 2024 මැයි මස 24 දින එම විද්‍යාලය වෙත සංචාරයක නිරතවිය. එම පුහුණු වැඩසටහන සඳහා මේ වනවිට දමිළ සිසු සිසුවියන් 103 දෙනෙකු සහභාගී වේ. එම සිසු සිසුවියන් විසින් ගීත සහ දේශනයන් මඟින් ඔවුන්ගේ සිංහල භාෂා කුසලතාවයන් සංචාරයේ නිරත ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත ඉදිරිපත් කළහ. මෙම පාඨමාලාවේ ප්‍රධාන උපදේශක වශයෙන් එච්.එම්. අන්වර් මහතා කටයුතු කරයි.