2024-06-06 15:05:45
දියතලාව, ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ආර්.පී. මුණිපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2024 ජූනි මස 03 දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගනු ලැබීය.
2024-06-06 15:02:47
පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක, ඇවරිවත්ත ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් තම සේවා ස්ථාන වෙත යාමට නොහැකිව සිටි ප්‍රදේශවාසීන් 313 දෙනෙකු සඳහා 141 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2024 ජුනි මස 05 දින ප්‍රවාහන පහසුකම් සපයන ලදී.
2024-06-06 15:00:56
61 පාබල සේනාංකයේ 16 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න ආර්එස්පී ගේ මඟපෙන්වීම මත හමුදා සම්ප්‍රදායානුකූලව සැමරුම් උත්සවයක් පැවැත්වීය.
2024-06-06 14:55:52
ශ්‍රී පාද වන්දනා සමයේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී සුමන සමන්
2024-06-06 14:53:47
යුද්ධ හමුදා විශේෂ බලකායේ බලකාධිපති සහ 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් හා විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩී.එස්. හොරවලවිතාන ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ අධීක්ෂණය මත විශේෂ බලකා රෙජිමේන්තුව වෙතින් එම බලකා සමාජිකයින් වෙනුවෙන් මුයිතායි ආත්මාරක්ෂක සටන් කලාව වර්ධනය කිරීමේ පාඨමාලාවක් පසුගිය දා පවත්වනු ලැබීය.
2024-06-05 15:26:44
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ 38 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් යූ.එල්.ජේ.එස්. පෙරේරා ආර්එස්පී යූඑස්පී පීඑස්සී 2024 ජුනි මස 03 දින රාජකාරි භාරගත්තේය.
2024-06-05 15:22:25
මාතර දිස්ත්‍රික්කයේ කද්දුව, වැල්ලතොට සහ දොලේගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගංවතුරින් විපතට පත්වූවන්ට සහන සැලසීම වෙනුවෙන් 61 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 ජුනි මස 03 දින බෝට්ටු යොදාගනිමින් මෙහෙයුමක් සිදු කරන ලදී.
2024-06-05 15:16:34
නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් 613 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත භටපිරිස් විසින් 2014 ජුනි මස 04 දින අතුරලිය, අමලගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ගබඩා කර තිබූ අවුරුදු 1 සිට 3 දක්වා ළඳරුවන්ට ලබාදෙන රුපියල් මිලියන 4.5ක් වටිනා ප්‍රතිශක්තිකරණ එන්නත් තොගයක් සුරක්ෂිතව ගෙන ගොස් සෞඛ්‍ය අංශ වෙත භාරදෙන ලදී.
2024-06-05 15:11:36
රණවිරු ඇපරල් ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.ජි.ඒ.එන්.බී. මහතුවක්කාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත අලව්ව ප්‍රදේශයේ ස්ථාපිත රණවිරු ඇපරල් ආයතනයේ සේවයේ නියුතු භටපිරිස් 2024 මැයි මස 29 සහ 30 දෙදින තුළ කතරගම වන්දනා චාරිකාවක නිරතවූහ. එම රණවිරු ඇපරල් ආයතනයේ සේවයේ නියුතු සාමාජිකයන්ගේ සුහදත්වය වර්ධනය කිරීම, සහජීවනය ගොඩනැඟීම, එම භටපිරිස්හී කුසලතාවයන් වර්ධනය කිරීම සහ රාජකාරී සිදුකිරීමේදී ඇතිවන ආතතිය අවම කිරීම අරමුණු කරගනිමින් මෙම වන්දනා චාරිකාව සංවිධානය කරනු ලැබීය.
2024-06-04 20:02:29
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මේජර් ජෙනරල් එල්. අබේවර්ධන (විශ්‍රාමික) යූඑස්පී පසුගිය සඳුදා (ජුනි මස 03) දින ඇතිවූ රෝගාබාධයක් හේතුවෙන් නාරාහේන්පිට, යුද්ධ හමුදා රෝහලේදී අභාවප්‍රාප්ත වූයේය. අභාවප්‍රාප්ත වන විට එතුමන් 65 වන වියේ පසුවිය.