2024-06-07 21:05:40
මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීම සහ යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්යක්ෂ මණ්ඩලය යටතේ සේවයේ නියුතු සියලු නිලයන් වෙත ආශිර්වාද එක්කිරීමේ අරමුණින් 2024 ජුනි මස 05 දින එම අධ්යක්ෂ මණ්ඩල පරිශ්‍රයේදී විශේෂ ධර්ම දේශනාවක් පැවැත්විණි.
2024-06-07 20:59:08
7 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අභිමානවත් 26 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම කඳවුරු පරිශ්‍රයේදී උත්සව මාලාවක් පැවැත්විණි.
2024-06-07 17:11:42
යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 ජුනි මස 05 දින කාලතුවක්කු පුහුණු පාසල් පරිශ්‍රය වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදුකළේය.
2024-06-07 17:05:02
අධ්‍යාත්මික සංවර්ධනය නඟාසිටුවීමේ සහ ශක්තිමත් කිරීමේ අරමුණින් මෙන්ම නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ ජාතිය වෙනුවෙන් කැප වූ සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමට පෙළඹවීමේ අරමුණින් 2024 ජුනි මස 01 දින 56 පාබල සේනාංක මූලස්ථානයේදී විශේෂ භාවනාමය වැඩසටහනක් පැවැත්විණි.
2024-06-07 13:27:58
සාලාව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ 2024 ජුනි මස 05 දින ආගමික වතාවත් මධ්‍යයේ ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
2024-06-07 13:24:55
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජුනි මස 06 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිල සංචාරයක නිරත විය.
2024-06-07 13:20:39
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය වෙතින් සිදුකළ ඉල්ලීමකට අනුව 142 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 2024 ජුනි මස 05 දින එම බලසේනාවේ භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී විසින් එගොඩගම සහ පුවක්පිටිය ප්‍රදේශවල කඩා වැටී තිබූ ගස් ඉවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීය. මෙම වැඩසටහන සඳහා නිලධාරීන් 02 දෙනෙක් සහ සෙසුනිලයන් 20 දෙනෙකු සහභාගි වූහ.
2024-06-07 13:17:07
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ‘අන්තර් බලඇණි දැල්පන්දු ශූරතාවලිය - 2024’ අවසන් මහා තරඟය බොරැල්ල ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 මැයි මස 30 දින සාර්ථකව පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකයේ බලකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සමඟින් එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී උදුලා කස්තුරිමුදලි මහත්මිය සහභාගී වූහ.
2024-06-07 08:39:42
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 31 කට අධික කාලයක් මව්බිම වෙනුවෙන් සේවය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මේජර් ජෙනරාල් එල් අබේවර්ධන (විශ්‍රාමික) යූඑස්පීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී බ්‍රහස්පතින්දා (ජුනි මස 06) දින සිදුකෙරිණි.
2024-06-07 08:24:03
පුහුණු අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 ජුනි මස 05 දින මින්නේරිය, පාබල පුහුණු මධ්‍යස්ථානයේ නිල සංචාරයක නිරත වූයේය. සංචාරයේ නිරත පුහුණු අධ්යක්ෂ ජෙනරාල් එම පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම පුහුණු මධ්‍යස්ථානයේ කාර්යභාරයන් පිළිබඳ සවිස්තරාත්මක දැනුවත් කිරීමක් ද සිදුකළේය. එහිදී, පුහුණු මධ්‍යස්ථානය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන පුහුණු වැඩසටහන් සහ අනෙකුත් කරුණු පිළිබඳව එතුමන් පැහැදිළි කළේය.