2024-06-13 08:35:25
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී 2024 ජුනි මස 05 දින කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියේ සංචාරයක නිරත විය.
2024-06-13 08:32:32
නිව් යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් 2024 ජුනි මස 05 දින ලෙබනනයේ ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්ෂක භටකණ්ඩායම් මූලස්ථානය වෙත නිල සංචාරයක් සඳහා පැමිණි අතර, එහිදී එම කණ්ඩායම මෙරට භටපිරිස් විසින් ලිංගික අපචාර සහ අපයෝජනයන්ගෙන් කාන්තාවන් සහ ළමුන් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ඇගයීමක් සිදු කරන ලදී.
2024-06-13 08:31:09
ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීමකට අනුව 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන් පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත එම පාබල බලසේනාවේ භටපිරිස් විසින් ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. කඩවත ශ්‍රී ලංකා වෘත්තීය හා තෘතීයික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය ඒ.අයි.ඒ රංගන මහතා විසින් මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අනුග්‍රාහකත්වය ලබා දුන්හ.
2024-06-12 22:06:54
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී 2024 ජුනි මස 05 දින මඩකලපුව දිස්ත්‍රික් දිසාපතිතුමිය හමුවූ අතර, එහිදී එතුමන් සමාජ සංහිඳියාව, ආගමික සහජීවනය, ප්‍රජා සත්කාරක වැඩසටහන් සහ සිවිල්-හමුදා සබඳතා පිළිබඳව වූ වැදගත් කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.
2024-06-12 22:01:05
222 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්.කේ.එස්. තිලකරත්න ගේ මගපෙන්වීම යටතේ 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.බී වෑකඩපොල යූඑස්පී පීඑස්සී අයිජී ගේ අධීක්ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් 2024 ජුනි මස 03 සහ 04 යන දිනයන් හි වෑකන්ද රජමහා විහාරස්ථාන පරිශ්‍රයේ ශ්‍රමදාන වැඩසටහනක් සිදුකරනු ලැබීය.
2024-06-11 21:19:53
යුද්ධ හමුදා අධ්යක්ෂ ජෙනරාල් පුහුණු මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 ජූනි මස 05 දින යුද්ධ හමුදා පුහුණු පාසලේ නිල සංචාරයක නිරත විය.
2024-06-11 21:15:19
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක නිලධාරීන් සමඟින් 2024 ජුනි මස 03 දින එම සේනාංක මූලස්ථානයේදී සම්බන්ධීකරණ සාකච්ඡාවක් පවත්වන ලදී.
2024-06-11 21:08:17
241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන් පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ මගපෙන්වීම යටතේ, 241 පාබල බලසේනාවේ සහ 11 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් එක්ව මුහුදු වෙරළ පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පැවැත්විය.
2024-06-11 21:04:05
මූලික පිහිණුම් හා ජීවිතාරක්ෂක පාඨමාලා අංක 20 විසිරයාමේ උත්සවයක් අනුරාධපුර, රණසේවාපුර පිහිටි ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි පිහිණුම් තටාක පරිශ්‍රයේදී 2024 ජුනි මස 7 දින පැවැත්විය. විසිරයාමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස් හේවගේ ආර්ඩබ්ලිව්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සහභාගි විය. මෙම විසිර යාමේ උත්සවයේ දී ජීවිතාරක්ෂක නිදර්ශණයක් සහ පාඨාමාලා සිසුන් විසින් වර්ණවත් පිහිණුම් සංදර්ශණයක්ද පැවැත් විය.
2024-06-10 17:41:37
යාපනය භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ නව ආඥාපති ලෙස බ්‍රිගේඩියර් පී. විතානගේ