2018-04-01 22:16:57
2018 - ආරක්ෂක සේවා කුසලාන රග්බි තරඟාවලියේ අවසන් තරඟය අඟහරුවාදා (27) දින රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගනයේ දී පැවැති අතර එහිදි ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩකයින් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් විසින් ජයග්‍රාහී කුසලානය හිමිකරගැනීමට සමත්විය.
2018-03-30 08:12:41
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමසාධක භට පිරිස් ස්ථානගතවීම සබැඳිව පල වූ ප්‍රවෘත්තිය පිළිබඳ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අවධානය යොමු කෙරිණි. එක්සත් රාජධානියේ සාම සාධක රාජකාරින් සඳහා විවිධ ක්ෂේත්රයන් ඔස්සේ භට පිරිස් ස්ථානගත කරති. (උදා : හමුදා මාණ්ඩලික නිලධාරින්, විශේෂඥයින්...
2018-03-29 23:58:22
මහනුවර පොලිස් බලප්‍රදේශයේ හන්තාන කඳුවැටිය තරණය කිරීමට ගොස් අතුරුදන් වූ උපාධි අපේක්ෂිත විශ්ව විද්‍යාල සිසුන් කණ්ඩායමක් සොයා මධ්‍යම ආරක්ෂක සේනා මූල්සථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරියෙකු සහ.....
2018-03-29 23:57:41
ආරක්ෂක සේවා මෝටර් රථ ඉතිහාසයේ ප්‍රථම වතාවට ආරක්ෂක සේවා මෝටර් රථ ධාවන තරඟාවලිය - 2018 බ්‍රහස්පතින්දා (29) දින ගජබා රෙජිමේන්තු ධාවන පථයේ දී පැවැත්විය. මෙම තරඟාවලියේ සමස්ථ ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් හිමිකරගත් අතර අනුශුරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත හිමිවිය.
2018-03-29 15:25:15
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 52 වැනි මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු බ්‍රහස්පතින්දා (29) දින උදෑසන සරල උත්සවයකින් රාජකාරි අරඹනු ලැබීය. මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම යුද්ධ හමුදා මුලස්ථානයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ...
2018-03-29 12:10:08
ශ්‍රී ලංකා පාබල හමුදාවේ 9 වන රෙජිමේන්තු අධිපතිතුමන් ලෙස මේජර් ජෙනරාල් රුවන් කුලතුංග, අඟහරුවාදා (22) දින ආගමික වතාවත් මධ්‍යයේ පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී රාජකාරි භාරගනු ලැබීය. රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි නව රෙජිමේන්තු අධිපතිතුමන් ...
2018-03-29 11:37:38
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු භට පිරිස් විසින් අඟහරුවාදා (27) දින මහනුවර, හන්තාන ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට සමත් විය.
2018-03-29 11:37:37
ශ්‍රි ලංකා යුද්ධ හමුදා මෝටර් ක්‍රීඩා සංගමය විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබු යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මෝටර් ක්‍රීඩා තරඟාවලිය - 2018, අඟහරුවාදා (27) දින අනුරාධපුර, සාලියපුර ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
2018-03-29 09:17:21
යුද්ධ හමුදා මුෂ්ටි ප්‍රහාරක කමිටුව විසින් සංවිධානය කරනු ලබන අන්තර් රෙජිමේන්තු ආධුණික මුෂ්ටි ප්‍රහාරක තරඟාවලිය - 2018, සිකුරාදා (23) දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී නිමාවට පත්විය. මාර්තු මස 20 සිට 23 දින දක්වා පූරා දින හතරක් පැවැති මෙම තරඟාවලිය සඳහා රෙජිමේන්තු......
2018-03-29 09:17:20
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිගේ අධීක්ෂණයෙන් එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් වෙත ‘සයිබර් අවකාශයෙන් එල්ලවන අපරාධ සහ ඉන් ආරක්ෂාවීම’ පිළිබඳ වැඩසටහනක් බදාදා (28) දින පවත්වනු ලැබීය.