2018-04-02 15:15:01
සන්නද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් තුල මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන භාවනා වැඩසටහනේ තවත් එක් අදියරක් බදාදා (28) දින කඳුබොඩ, බවුන්සෙත් මානසික සුව සෙවන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.
2018-04-02 13:35:29
කිලිනොච්චි තිරුනගර් සහ සිවපුරම් ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ වඟා කිරීමේ පුරුද්ද ඇති කිරීමට මෙන්ම ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ නැංවිමේ අරමුණින් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක භට පිරිස් විසින් සිකුරාදා (23) දින ආර්ථිකමය වටිනාකමින් යුත් පැළ 2000 ක් බෙදාදෙන ලදි.
2018-04-02 13:34:47
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයේ භට පිරිස්, මූලතිව් වට්ටප්පෙලේයි කන්නගි අම්මාන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් මාර්තු මස 22 සිට 25 දින දක්වා පවත්වනු ලැබීය. මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය, පූජාවන් පැවැත්වීම සඳහා පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සැලසීමේ .....
2018-04-02 13:33:43
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 4 වන ගැමුණු හේවා බලකා භට පිරිස් සඳහා පුනානි බලඇණි පුහුණු පාසලේ පවත්වනු ලබන බලඇණි පුහුණු පාඨමාලාවේ අවසන් ඉදිරිපත්කිරීම වශයෙන් ‘1971 කැරැල්ල’ පිළිබඳ ඉදිරිපත් කිරීමක් සඳුදා (26) දින පැවති අතර ඒ සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ද එක්ව සිටියහ.
2018-04-02 13:33:40
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකය විසින් සංවිධානය කරනු ලබන ‘උඩවැඩියා (ඕකිඩ්) මල් වගාව’ පිළිබඳ අධ්‍යාපනික වැඩමුළුවක් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට සහ අනෙකුත් සිවිල් සංවිධානවල කාන්තාවන් සඳහා මහනුවර පළාත් කලා සංගමය විසින් පවත්වනු ලැබීය.
2018-04-02 13:32:40
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුෂිත පනන්වල ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ට ‘ගිනි නිවීම හා මානව හිමිකම්’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් එම ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී මාර්තු මස 28 සහ 29 දිනයන්හිදි පැවැත්විණි.
2018-04-02 13:31:40
මාදුරුඔය, යුද්ධ හමුදා පුහුණු පාසලේ ප්‍රතිශක්ති යුධ උපක්‍රම හා කැලෑබඳ සටන් පුහුණු පාඨමාලාව හදාරණ බංගලාදේශය, පකිස්තානය, මාලදිවයින සහ නේපාල යන රටවල් නියෝජනය කරන විදේස් නිලධාරින් හයදෙනෙකු සහ අනෙකුත් නිලධාරින් 12 දෙනෙකු සඳුදා (26) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරය නිරත විය.
2018-04-02 13:30:40
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය විසින් ජනාධිපති මන්දිරයේ සහ අරලියගහ මන්දිරයේ සම්මාන මුර රාජකාරි ඉරිදා (01) දින උදෑසන කොළඹ, කොටුව පිහිටි ජනාධිපති මන්දිරයේ පැවති කෙටි උත්සවයකින් අනතුරුව භාරගනු ලැබීය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මාස 6 ක පමණ කාලයක්.....
2018-04-02 13:28:59
යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන වොලිබෝල් තරඟාවලියේ අවසන් මහා තරඟය එම ආරක්ෂක සේනා මූලස්ථාන ක්‍රීඩාංගනයේ දී සඳුදා (26) දින පැවැති අතර එහිදි තියුණු තරඟයකින් අනතුරුව 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කණ්ඩායම පරාජයට පත්කරමින් තරඟයේ ශුරතාවය හිමිකරගැනීමට 4 වන විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම සමත්විය.
2018-04-02 13:27:54
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ අලුත්වැඩියා කරන ලද කොමිෂන් නොලත් නිලධාරින්ගේ සමාජ ශාලාව බදාදා (28) දින සරල උත්සවයකින් අනතුරුව කොමිෂන් නොලත් නිලධාරීන් වෙත භාරදෙනු ලැබීය.