Header

Sri Lanka Army

Defender of the Nation

26th October 2023 07:05:53 Hours

‘විශේෂ බලකා මූලික පුහුණු පාඨමාලා අංක - 54’ හැදෑරූ නිලධාරින් සහ සෙසුනිලයන් විසිරයයි

මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසල් පරිශ්‍රයේ පැවති ‘විශේෂ බලකා මූලික පුහුණු පාඨමාලා අංක - 54’ සාර්ථකව හැදෑරූ නිලධාරින් 7 දෙනෙකු සහ සෙසුනිලයන් 113 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 21) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී විසිරයනු ලැබීය.

විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විශේෂ බලකායේ බලකාධිපති සහ 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී සහභාගී විය. පුහුණු පාසලේ ප්‍රධාන දොරටුව වෙත සපැමිණි එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.පී.එස්. ප්‍රසාද් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී විශේෂ බලකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ඩී.එස්. හොරවලවිතාන ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

අණදෙන නිලධාරි ලෙස විශේෂ බලකා පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක මේජර් එම්එල්ඩි වර්ණසිරි ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි සහ දෙවන අණදෙන නිලධාරි ලෙස මේජර් ආර්එම්ඒ රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි විසිර යැමේ පෙළපාලියට අණදෙන ලදී.

පාඨමාලාවේ හොඳම ශාරීරික යොග්‍යතාවයෙන් හෙබි සෙබලා සහ හොඳම ශිෂ්‍යයා වශයෙන් දෙවන ලුතිනන් අයි.කේ.ජී.එස්.ඩී. බණ්ඩාර සම්මාන දිනාගත්තේය. එමෙන්ම, දක්‍ෂතම වෙඩික්කරු ලෙස දෙවන ලුතිනන් එච්.එම්.එස්. තුෂාන් සම්මාන දිනාගත් අතර විශේෂ බලකා මූලික පුහුණු පාඨමාලා අංක - 54 හි දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය දෙවන ලුතිනන් ආර්.ඩබ්ලිව්.ඩි.එස්. වලිකුඹුර විසින් දිනාගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා සම්භාවනීය අමුත්තන් ලෙස 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන්. ඊරියගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී, 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී, 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨටයේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ පීඑස්සී, ගමන් හා පාලන අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම්. විජේසූරිය ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ, විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.පී.කේ.එල්. අමරසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි සහභාගී වූහ.