Header

Sri Lanka Army

Defender of the Nation

27th October 2023 08:42:41 Hours

යුද්ධ හමුදා රෝහල වෙත වෛද්‍ය ආධාර පරිත්‍යාගයක්

වෛද්‍ය ෂර්ලි ඉලුක්කුඹුර විජේසිංහ මහත්මියගේ සම්බන්ධීකරණය මත ටොරොන්ටෝ හි පදිංචි වෛද්‍ය ඉමිඳු ලියනගේ මහතා විසින් රුපියල් ලක්‍ෂ 03 කට අධික වටිනාකමකින් යුත් කොලොස්ටොමි බහලුම් (colostomy bags and bases) සායනික කුඩු බහාලුම් (clinical powder containers) සහ ඉසින යනාදිය ඇතුළු වෛද්‍ය සැපයුම් තොගයක් පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 24) දින කොළඹ යුද්ධ හමුදා රෝහල වෙත පරිත්‍යාග කරනු ලැබීය.

වෛද්‍ය ඉමිඳු ලියනගේ මහතාගේ 30 වන ජන්ම දිනය නිමිත්තෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදා මාධ්‍ය උපදේශක සිසිර විජේසිංහ මහතාගේ සම්බන්ධීකරණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

කොළඹ යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ආර්.එම්.ජේ.බී. රත්නායක ආර්එස්පී, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කර්නල් බී.ඒ.පී. ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වූහ.

කුසුම් අදිකාරි මහත්මිය, වෛද්‍ය ෂර්ලි ඉලුක්කුඹුර විජේසිංහ මහත්මිය සහ සිසිර විජේසිංහ මහතා විසින් මෙම පරිත්‍යාගයන් භාරදීම සිදුකරනු ලැබූහ.