Header

Sri Lanka Army

Defender of the Nation

27th October 2023 08:27:08 Hours

23 පාබල සේනාංක මූලස්ථානයේ පිහිටි 440 සංයුත්ත බලඝණයේ නව ගබඩා ගොඩනැගිල්ල විවෘත කෙරේ

23 පාබල සේනාංක මූලස්ථානයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුධ හමුදා සේවා බලකායේ 440 සංයුත්ත බලඝණයේ නව වියළි සලාක ගබඩා ගොඩනැගිල්ල එම පරිශ්‍රයේ ස්ථාපිත කර පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 24) දින පැවති උත්සවයකදී භටපිරිස් වෙත පවරාදෙනු ලැබීය.

23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ සුරතින් විවෘත කෙරිණි.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ මාණ්ඩලික නිලධාරීන් සමඟින් නව ගොඩනැගිලි සංකීර්ණය නිරීක්‍ෂණය කරණු ලැබීය. එහිදී නව ගොඩනැගිල්ල නිසි ලෙස ඉදිකිරීම වෙනුවෙන් මාණ්ඩලික නිලධාරීන් සහ සියලුම නිලයන් ඇගයීමට ලක්කරන ලදී. .