Header

Sri Lanka Army

Defender of the Nation

26th October 2023 07:01:35 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති, ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 1 විමර්ශන රෙජිමේන්තුවෙ හි සංචාරයක

යුද සේවා ලේකම් සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 14 වන බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2023 ඔක්තෝබර් මස 18 දින ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 1 විමර්ශන රෙජිමේන්තුවෙ හි සිය ප්‍රථම නිල සංචාරය සිදුකළේය.

මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පී.එන්. විජේසිරිවර්ධන ආර්එස්පී යූඑස්පී සහ සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.කේ.ටී. ප්‍රනාන්දු ආර්එස්පි යූඑස්පී ද සහභාගී වූහ.

මෙම සංචාරයේදී මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම කඳවුරු පරිශ්‍රයේ සුබසාධන පහසුකම් පිළිබඳව ද නිරීක්‍ෂණය කළේය. පසුව, නිලධාරින් ආමන්ත්‍රණය කළ බලකාධිපතිතුමන්, එම රෙජිමේන්තුව සහ බලඇණිය උපායමාර්ගිකව කටයුතු කරනු ලබන ආකාරය, විනය පවත්වාගැනීමේ වැදගත්කම සහ සෙසුනිලයන් හට ආදර්ශමත් අයුරින් කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය.

මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.