Header

Sri Lanka Army

Defender of the Nation

18th October 2023 21:27:01 Hours

9 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ගල්බොඩ ප්‍රජා සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය පිරිසිදු කරයි

61 පාබල සේනාංකයට අයත් 9 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ගංවතුර තත්ත්වය හේතු‍වෙන් දූෂණයට ලක්වූ ගල්බොඩ ප්‍රජා සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 17) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

613 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 9 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ගංවතුර තත්ත්වයෙන් විශාල හානියක් සිදුවීමට ප්‍රථම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.