Header

Sri Lanka Army

Defender of the Nation

18th October 2023 21:22:35 Hours

1 ශ්‍රී ලංකා සංඥා බලකායේ 80 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 1 ශ්‍රී ලංකා සංඥා බලකායේ 80 වන සංවත්සර දිනය වෙනුවෙන් එම ඒකකයේ අණදෙන නිලධාරි මේජර් ජී.ටී.කේ. ද සිල්වා ආර්එස්පී යූඑස්පී එල්එස්සී ගේ මඟපෙන්වීම යටතේ 2023 සැප්තැම්බර් මස 30 දින සිට ඔක්තෝබර් මස 14 දින දක්වා ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්විණි.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් 2023 සැප්තැම්බර් මස 30 දින සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පවත්වා පසුදින දිවංගත රණවිරුවන් සිහිපත් කරමින් මහා සංඝරත්නය උදෙසා දානය පූජාකරනු ලැබීය.

වට්ටප්පලෙයි, කන්නකි අම්මාන් කෝවිල් පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 7) දින හින්දු පූජාවක් පැවැත්වුණු අතර ඔක්තෝබර් මස 08 දින අන්තර් බලඝණ ක්‍රිකට් සහ වොලිබෝල් තරඟාවලියක් පැවැත්විණි.

සංවත්සර සැමරුමට සමගාමීව පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 10) දින සියලු නිල සුහද හමුවක් පැවැත්වූ අතර සංවත්සර දිනය යෙදුනු පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 14) දින එම ඒකකයේ අණදෙන නිලධාරිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.

සංවත්සර සැමරුම සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව ක්‍රීඩා ඉසව් තුලින් දස්කම් දැක්වූ එම ඒකකයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සහතිකපත් පිරිනැමූ අතර සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සේවය ඇගයීමට ලක්කරමින් ඇගයීම් තිළිණ ප්‍රදානය කෙරිණි.

මෙම සැමරුම් උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.