17th October 2023 22:34:04 Hours
නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම් අබේසේකර ආර්එස්පී වීඑස්වී යූඑස්පී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය ඉරිදා (ඔක්තෝබර් මස 08) දින පනාගොඩ ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම් අබේසේකර ආර්එස්පී වීඑස්වී යූඑස්පී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, එතුමන් රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී එම රෙජිමේන්තුවේ දිවංගත වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් පුෂ්පෝපහාර පුදකළේය.
මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම් අබේසේකර ආර්එස්පී වීඑස්වී යූඑස්පී වෙත එම රෙජිමේන්තු සරඹ භූමියේදී හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ. අනතුරුව, එතුමන් කාලතුවක්කු හමුදාවේ භටපිරිස් සමඟින් සමූහ ඡායාරූප කිහිපයකටද පෙනී සිටින ලද අතර, බළලත් නිලධාරි හා සැරයන් නිවස්නයේ පැවති සියළු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී විය. එහිදී එතුමන්ගේ සේවය ඇගයීමට ලක්කරමින් සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය. පසුව පැවති සියළු නිල දිවා භෝජන සංග්‍රහයක් සඳහාද මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම් අබේසේකර ආර්එස්පී වීඑස්වී යූඑස්පී සහභාගී විය.
උත්සවයේ කටයුතු අවසන් කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ විසින් සම්පුදායානුකූල රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. එම අවස්ථාවට ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.