02nd February 2023 18:26:33 Hours
මින්නේරිය යුද්ධ හමුදා මූලික රෝහල් සංකීර්ණයේ පවතින යටිතල පහසුකම් සහ වෛද්‍ය පහසුකම් පිළිබඳව සොයා බැලීමේ අරමුණින් 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ෂෙවාන්ත් කුලතුංග පසුගිය සඳුදා (23) දින එම රෝහලෙහි නිල සංචාරයක නිරත විය.
මින්නේරිය යුද්ධ හමුදා මූලික රෝහල් පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ෂෙවාන්ත් කුලතුංග එම රෝහලෙහි වැඩබලන නිලධාරී අණදෙන මේජර් කේ.වී.ජී මධුසංක විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව එතුමන් වෙත රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය හඳුන්වා දෙනු ලැබීය. පසුව රෝහලේ වත්මන් යටිතල පහසුකම් පිළිබඳවත්, වෛද්‍ය පහසුකම් සහ පරිපාලන ගැටළු පිළිබඳවත් සවිස්තරාත්මකව එතුමන් දැනුවත් කරනු ලැබීය.
ඉන් අනතුරුව මේජර් ජෙනරල් ෂෙවාන්ත් කුලතුංග රෝහල් පරිශ්‍රයේ නිරීක්ෂණය චාරිකාවක නිරත වෙමින් විවිධ රෝගාබාධවලට ලක්ව ප්‍රතිකාර ගනු ලබන හමුදා සාමාජිකයන් සමඟින් සහ රෝහලේ රාජකාරියෙහි නියුතු නිලධාරීන් සමඟින් ද සුහද පිළිසඳරක යෙදිණි. නිල සංචාරය අවසානයේදී එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය.