Header

Sri Lanka Army

Defender of the Nation

30th January 2023 18:10:39 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ අන්තර් රෙජිමේන්තු පා පන්දු තරඟාවලිය සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා පාබල හමුදා පා පන්දු කණ්ඩායමට නවක ක්‍රීඩකයන් බඳවාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා පාබල හමුදාව වෙතින් සංවිධානය කරනු ලැබූ අන්තර් ඒකක පාපන්දු තරඟාවලිය දෙසැම්බර් මස 26 සහ 27 දෙදින තුළ පැවති අතර එම තරඟාවලියේ අවසන් මහා තරඟය පසුගිය සිකුරාදා (20) දින මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි.

තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය සහභාගී වූ අතර 1 වන ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 6 වන ශ්‍රී ලංකා පාබල හමුදාව අතර පැවති අවසන් මහා තරඟයේදී තියුණු තරඟයකින් අනතුරුව ශූරතාවය දිනාගැනීමට 6 වන ශ්‍රී ලංකා පාබල හමුදා ක්‍රීඩකයන් සමත්වූහ.

තරඟාවලිය සමාප්තියේ ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් ක්‍රීඩකයන් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය. මෙම අවසන් මහා තරඟය නැරඹීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් විශාල පිරිසක් ද සහභාගී වූහ.