Header

Sri Lanka Army

Defender of the Nation

30th January 2023 18:40:39 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සංචාරයක

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය පසුගිය සෙනසුරාදා (21) දින පල්ලෙකැලේ ප්‍රදේශයේ පිහිටි 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

මෙම සංචාරය ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස නව ධුරයේ රාජකාරි භාරගැනීමෙන් පසු මේජර් ජෙනරල් චන්න වීරසූරිය එම ඒකකයේ සිදුකළ ප්‍රථම නිල සංචාරය විය.

5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකය වෙත සපැමිණි මේජර් ජෙනරල් චන්න වීරසූරිය එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් යූ.එම්.ටී.සී. ධර්මසිරි විසින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ (drive pass) ගෞරවාචාරය එතුමන් වෙත පුදකළහ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් මේජර් ජෙනරල් චන්න වීරසූරිය කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. ඉන් අනතුරුව, සමූහ ඡායාරූප කිහිපයකට එක් වූ එතුමන් විසින් භටපිරිස් අමතන ලදී.