Header

Sri Lanka Army

Defender of the Nation

27th January 2023 23:34:00 Hours

නෙදර්ලන්ත තානාපතිනිය ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය නිල සංචාරයක

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි අතිගරු බොනී හෝබැච් (Bonnie Horbach) මැතිණිය උතුරු ප්‍රදේශයේ සිදුකරනු ලැබූ නිල සංචාරයක් අතරතුර පසුගිය බදාදා (25) ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනයේද සුහද සංචාරයක නිරත විය.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි එතුමිය ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම සුහද හමුව අතරතුරදී මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට සහ අතිගරු බොනී හෝබැච් මැතිණිය අතර, ප්‍රදේශයේ සිවිල් - හමුදා සහයෝගීතාව, සමාජ සුබසාධන වැඩසටහන්, සංවර්ධන වැඩසටහන් සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව ද සුහද පිළිසඳරක යෙදිණි.

මෙම අවස්ථාවෙහි වැදගත්කම සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට සහ අතිගරු බොනී හෝබැච් මැතිණිය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරුණු අතර, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය කඳවුරු පරිශ්‍රය වෙතින් නික්ම යාමට ප්‍රථම එතුමිය විශේෂ අමුත්තන් සඳහා වූ සමරු පොතේ සටහනක් ද තැබීය.