Header

Sri Lanka Army

Defender of the Nation

27th January 2023 23:30:38 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යුද්ධ හමුදා සාමාජිකයන් සඳහා මනෝවිද්‍යා දේශනයක්

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් මොහාන් රත්නායක ගේ මඟපෙන්වීම මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම විසින් සංවිධානය කරන ලද ‘ධනාත්මක චින්තනය, නිදහස් මානසින් වැඩ කිරීම සහ යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම’ (Positive thinking, working with a free mind and Spending a good family life) යන මාතෘකාව යටතේ හරවත් දේශනයක් දියතලාව ශ්‍රී ලංකා ස්වේච්ඡා බලකා පුහුණු පාසලේදී පසුගිය බ්‍රහස්පතින්දා (26) දින පවත්වනු ලැබීය.

මනෝවිද්‍යා උපදේශික අමා දිසානායක මහත්මිය විසින් පවත්වන ලද මෙම දේශනය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම, බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් කුමාර වනසිංහ සහභාගී වූ අතර මෙම අවස්ථාවට නිලධාරීන් සහ සෙසුනිලයන් 127 දෙනෙකු ද සහභාගී වූහ.